ගුවන් යානයක් ගිනි ගනී - ඇමති ඇතුළු පිරිසක් ගුවන් යානය ඇතුළේ
කොංගෝවේ දරුණු ගුවන් අනතුරක් සිදුවී තිබේ.
ඒ අනුව කොංගෝවේ පතල් කටයුතු ඇමතිවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙයි.
නිෂ්කාශා අගනුවර ගුවන්තොටුපළෙන් ගුවන් ගත කළ මෙම යානයය එරට ලුආලාබා ප්‍රාන්තයේ ගුවන් තොටුපොළකට ගොඩ බැසවීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බවට වාර්තා වේ.
එහිදී එම යානයේ ගමන් ගත් ඇමතිවරයාට හෝ අනෙකුත් කිසිවෙකුට ජීවිත හානි සිදුවී නොමැති බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුර සමඟ යානය ගිනිගැනීමට ලක්ව ඇත. කෙසේ නමුත් අනතුර සිදුවන විට යානයේ ඇමති ලුවිස් වටූම් කබම්බා සහ තවත් මගීන් 19 දෙනෙක් සිට තිබුණත් අනතුරින් ඔවුන් කිසිවෙකුට හානි සිදුව නොමැත.
නමුත්, එහිදී මගීන්ගේ ගමන් මලු ගබඩාකර තිබූ කොටසට හානි සිදුව ඇති බව වැඩිදුර වාර්තා වෙයි.