වසරේ මුල් මාස හතරට අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිලි ඉහළට
Sri Lanka Magistrate Court
Bribery Commission Sri Lanka
Law and Order
Sinhala news
By Hashini
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසරේ මුල් මාස 04 දී පමණක් පැමිණිලි 1726 ක් ලැබී ඇති බවයි.
පැමිණිලි කමිටුව වෙත මෙහිදි පැමිණිලි 1352 ක් ලැබී ඇති අතර, විමර්ශන කටයුතු සදහා නියෝග ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 200ක්.
එම කොමිසම සදහන් කළේ එමෙන්ම, ප්‍රමාණවත් කරුණු නොතිබීම සහ අල්ලස් පනතට අදාළ නොවීම නිසා විමර්ශන නොකිරීම සදහා නියෝග ලද පැමිණිලි සංඛ්‍යාව 450 ක් වන බවයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම කාල සීමාවේදී අල්ලස් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු 24 ක්, දූෂණ සම්බන්ධයෙන් නඩු 07 ක්, අයුතු වත්කම් ඉපයීම සම්බන්ධයෙන් නඩු 02 ක් සමග නඩු 33 ක් පවරා තිබෙනවා.
