මගීන්ට තවත් පහසුවක් - බස් සේවා පැමිණිලි සඳහා WhatsApp අංකයක් නිකුත් වෙයි
WhatsApp
Srilanka Bus
Latest Headlines
Sinhala news
gagana news
By Shehan
ශ්‍රී ලංකාවේ බස් රථ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට WhatsApp අංකයක් හඳුන්වා දී ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කොටුව බැස්ටියන් මාවතේ පුද්ගලික බස් අංගනයේදී ඊයේ (30) මෙම අංකය හඳුන්වාදෙන ලදී.
මගීන්ට බස් රථය තුළ සිට වීඩියෝ මාර්ගයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු බී. ඒ. චන්ද්‍රපාල මහතා පැවසීය.
මෙම අංකය ඇතුළත් ස්ටිකර් බස් රථවල ඇලවීමේදී ඔහු මේ බව සඳහන් කළේය. එම WhatsApp අංකය 0712595555 වන අතර, මගීන්ට මෙන්ම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ද ගැටලු ඉදිරිපත් කිරීමට එය භාවිතා කළ හැකිය.
