නගර සභාවේ අනාගත සභාපතිවරයාලූ..එයාගේ දේවල් පරික්ෂා කරන්න අයිතියක් නෑ කියන්නේ..දැම්ම සද්දේ මෙහෙම නම් කොහොම තියෙයිද..

Report

එළඹෙන දිපවාලි උත්සව සමය නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් (26) දින හැටන් නගරයේ ආපනශාලා හදිසි පරික්ෂාවකට ලක් කිරිමේදි ආපනශාලා හිමියෙකු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් ආපනශාලා පරික්ෂා කිරිමට ඉඩ ලබා නොදි මරණිය තර්ජන සිදු කිරිම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඩිෆෙන්ඩර් රථයේ තිබුන දේ බලන්නකෝ ..ලේකම්ගේ සිද්ධිය ඉවර උනා විතරයි තවත් එකක්..ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක්..

ඩිෆෙන්ඩර් රථයේ තිබුන දේ බලන්නකෝ ..ලේකම්ගේ සිද්ධිය ඉවර උනා විතරයි තවත් එකක්..ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක්..

දමිල ප්‍රගතිශිලි සන්ධානයට සහය දක්වන එම ආපනශාලාවේ හිමිකරු තමන් හැටන් දික්ඔය නගර සභාවේ අනාගත සභාපතිවරයා බවත්, තම ආපනශාලාව පරික්ෂා කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කිසිදු අයිතියක් නොමැති බව පවසමින් ආපනශාලාවේ හිමිකරු තම රාජකාරියට බාධා කල බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පොලිසිය වෙත කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.

ළමයින් සම්බන්දව වසරකට පැමිණිල දස දහස ඉක්මවා..ඒත් ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි..

ළමයින් සම්බන්දව වසරකට පැමිණිල දස දහස ඉක්මවා..ඒත් ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි..

දිපවාලි උත්සවය නිමිත්තෙන් හැටන් නගරයට දිනපතා විශාල පාරිභෝගිකයන් පිරිසක් පැමිණෙන නිසා නගරයේ සියළුම ආපනශාලා සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන තොග සහ සිල්ලර වෙලදසැල් (26) දින හදිසි පරික්ෂාවට ලක් කල බවත්, ඒ අනුව හැටන් නගරයේ පිහිටි එම ආපනශාලාව වෙත ගොස් පරික්ෂා කිරිමේදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් අපිරිසිදු ලෙස ආහාර පිලියෙල කර තිබු බවත්, ඒවා විනාශ කිරිමට කටයුතු කරන අවස්තාවේ ආපනශාලායේ හිමිකරු පැමිණ තමන් ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පහර දිමට තැත් කර ආපනශාලාව පරික්ෂා කිරිමට හෝ පිලියෙල කර තිබු අපිරිසිදු ආහාර විනාශ කිරිමට ඉඩ ලබා නොදුන් බවත්, පසුව හැටන් පොලිසියේ නිලධාරින්ගේ සහය ඇතිව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ආපනශාලාවෙන් පිටතට පැමිණි බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාමදේවන මහතා කියා සිටියේ.

කුඩා දරුවන් ඉන්න දෙමාපියනි ඔවුන් පිළිබද විශේෂ අවදානෙන් සිටින්න..මාරයා ඔබ නොහිතන කෙනෙක් විය හැකි..

කුඩා දරුවන් ඉන්න දෙමාපියනි ඔවුන් පිළිබද විශේෂ අවදානෙන් සිටින්න..මාරයා ඔබ නොහිතන කෙනෙක් විය හැකි..

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සිදු කල පැමිණිල්ල අනුව අදාල ආපනශාලා හිමිකරු අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරු (27) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා කියා සිටියේ.