උල් සහිත මාර්ග බාධක ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..!(VIDEO)
ඊයේ (අප්‍රේල් 24) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවේදී පොලිසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් එම ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊයේ විරෝධතාව අතරතුරදී සිසුන්ට මරණීය තුවාල සිදු කිරීමේ අරමුණින් උල් සහිත තාවකාලික මාර්ග බාධක යොදා ගැනීම ගැනද එම පැමිණිල්ලේ ඇතුළත්.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |