මාලිමා අපේක්‍ෂකයෙක් ගමකින් පන්නා දමයි...පොලිසියත් මැදිහත් වෙයි
By Akash
පොලිසියත් මැදිහත් වෙයි කුරුණෑගල තෙලියගොඩ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව සොයා බැලීමට ගිය ජාතික ජන බලවේග ආධාරකරුවන් පිරිසක් සමග ගම්වාසින් බහින්බස්වීමක් සිදුව තිබෙනවා.
මෙවර කුරුණෑගල නගර සභාවකට තරග වදින ජාතික ජන බලවේග අපේක්ෂකයෙකු සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මෙම ආරවුලට මැදිවී වී ඇති බවයි පැවසෙන්නේ.
අනවසර ඉදිකිරීමක් ගැන සොයා බැලීමට එහි ගොස් ඇති අතර ගම්වැසියන් සඳහන් කර ඇත්තේ ගමේ ප්‍රශ්න තමනට බේරාගත හැකි බවත් ඒවාට අත නොදා ආපසු යන ලෙසත් එහිදී පවසා ඇති බව සඳහන්. පොලිසිය ද එම අවස්ථාවට මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කර ඇති බවයි පැවසෙන්නේ.