ශ්‍රී ලංකන් එකෙන් ගසා කෑ සෙට් එක ළඟදිම ඇතුලට අනුරගෙන් විශේෂ කමිටුවක්

Report

පසුගිය රජයන් යටතේ ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පෞද්ගලික) සමාගම්වල සිදුවී තිබෙන දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

එහිදී, ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ නිසි විමර්ශනයක් සිදුනොවීම හේතුවෙන් එම ආයතන විශාල ලෙස අකර්මණ්‍ය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් යටතේ තොරතුරු විමසා බලා විමර්ශනයක් සිදු කරන ලෙසට අදාළ කමිටුවට නියෝග කළේය.

පොල්තෙල් ගන්නවනම් කල්පනාවේ සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි

පොල්තෙල් ගන්නවනම් කල්පනාවේ සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි

මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ ලේකම් / කැඳවුම්කරු වශයෙන් ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ මහතාද, සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඥානසිරි සේනානායක, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති දුෂාන්ත බස්නායක, නීතිඥ දොන් චමින්ද ජේ. අතුකෝරල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එන්.ඒ.එච්. කේ. විජේරත්න යන මහත්ම මහත්මීහුද කටයුතු කරති.

මන්ත්‍රී රෝහිණී කතානායකට සද්දෙ දායි පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි

මන්ත්‍රී රෝහිණී කතානායකට සද්දෙ දායි පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි

ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගම සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සම්බන්ධයෙන් 2010-2025 කාලය තුළ සිදුකරන ලදැයි කියන,

•ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය බලය අනිසි ලෙස භාවිත කිරීම සහ වරප්‍රසාද අනීතික ලෙස ලබා ගැනීම

•සේවා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමේදී සහ බඳවා ගැනීම්වලදී සිදු වී ඇති අක්‍රමිකතා

•ගුවන් සේවා ආරක්ෂක කටයුතුවල දුර්වලතා

•තීරුබදු රහිත සාප්පු ගනුදෙනු සහ විදේශ රටවල අලෙවි නියෝජිතයන්ගේ ගනුදෙනු සහ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු වී ඇති අක්‍රමිකතා

•ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුමට ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන ලද පරිපාලනමය වැරදි, දූෂණ සහ අක්‍රමිකතා සහ/ හෝ බාහිර මැදිහත් වීම්

•ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වර්ෂ 2000 සිට 2025 දක්වා කාලය තුළ ගුවන් යානා සහ රුපියල් මිලියන දහයට වඩා වටිනා භාණ්ඩ සහ සේවා ප්‍රසම්පාදනය කිරීමේදී සහ/හෝ බදු දීමේදී/ගැනීමේදී සිදු වී ඇති දූෂණ සහ අක්‍රමිකතා යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්,

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

ජේ.සී වැලිඅමුණ කමිටු වාර්තාව සහ විගණකාධිපතිවරයාගේ විශේෂ විමර්ශන වාර්තාව මඟින් අනාවරණය වූ වැරදි තීරණ ගැනීම්වලට සහ වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට වගකිව යුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම, ඒවා නිවැරදි කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ අනාගතයේ එවන් තත්ත්ව යළි ඇති වීම වැළැක්විමට අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ මුලික කාර්යභාරය වේ.

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි