පොල්තෙල් ගන්නවනම් කල්පනාවෙන් සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි

Report

පාරිභෝගික අධිකාරිය විසින් පසුගියදා පොල් තෙල්වල ගුණාත්මක තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීමක් සිදු කළේය.

පෙම්වතියව ඝාතනය කර පෙම්වතාත් සියදිවි හානි කරගෙන

පෙම්වතියව ඝාතනය කර පෙම්වතාත් සියදිවි හානි කරගෙන

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සාම්පල් පරීක්ෂාව සඳහා පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබූ පොල් තෙල් සාම්පල් අතරින් 21%ක ප්‍රමාණයක් කලවම් පොල්තෙල් බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවට පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පැවසීය.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (22 වැනිදා) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළෙඳපොළ වැටලීම්වලදී ලබාගත් පොල්තෙල් සාම්පල් 75ක් මෙලෙස පොල් සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇත.

පොල් සංවර්ධන අධිකාරිය එම සාම්පල් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් සාම්පල් 15ක් කලවම් පොල්තෙල් බවට මේ වනවිට තහවුරු කරගෙන තිබේ.

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මේක දානමය සේවයක් නෙමෙයි ගුරු සේවයක් - ගුරුවරුන් සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලයි

එමෙන්ම පොල්තෙල්වල පැවතිය යුතු ඇෆලටොක්සීන් අගය දහයට පහළ අගයක් ගතයුතු වුවත් මෙම සාම්පල්වල ඇෆලටොක්සීන් අගය පැවතිය යුතු සීමාව ඉක්මවා තිබූ බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

මීට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තවත් පොල්තෙල් සාම්පල හැත්තෑ පහක් පරීක්ෂණ කටයුතු සඳහා අධිකාරිය වෙත ලබාදී ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ඒ පිළිබඳ වාර්තා ලද විගස ප්‍රකාශ කිරීමට සූදානම් බවත් සඳහන්.

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි

හන්තානේ මට ඇති අක්කර 43ක් නෑ චමින්ද්‍රාණී කිරිඇල්ල කෑගහයි