මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය පත්වේ

Department of Examinations Sri Lanka Education Sinhala news
By Mithu May 15, 2025 12:52 PM GMT
Mithu

Mithu

Report

මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (15) දින විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි වැඩ භාර ගෙන තිබෙනවා.

පොහොර වංචාවක් එළියට

පොහොර වංචාවක් එළියට

මෙරට එකොළොස් (11) වන විභාග කොමසාරිස් ජනරාල් ධුරය හොබවන ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවාවේ 2005 කණ්ඩායමේ සාමාජිකාවක්. එම සේවාවේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් ද වන ඇය විභාග කොමසාරිස් ජනරාල් ධුරයට පත් වීමට පෙර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස මෙන් ම පාලන හා විමර්ශන ශාඛාව භාර විභාග කොමසාරිස්වරිය ලෙස ද කටයුතු කර තිබෙනවා.

කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිධූරය හා විදුහල්පතිධූරයත් හොබවා ඇති නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවක්. රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ඇති ලියනගේ මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගෙන තිබෙනවා.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

ReeCha