හැටන් – කොළඹ මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Sri Lanka Police Latest Headlines Perahera Sinhala news gagana news
By Shehan Jul 17, 2025 12:40 AM GMT
Shehan

Shehan

Report

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙයි.

පෙරහැර හෙට(18) රාත්‍රී 8:00 සිට පසු දින (19) අලුයම 1:00 දක්වා වීථි සංචාරය සඳහා නියමිතව ඇත. පෙරහැර කබුළුමුල්ල දේවාලයෙන් ආරම්භ වී, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල නගරය දක්වා ගමන් කර, ඉන්පසු කෑගල්ල-අවිස්සාවෙල්ල මාර්ගයේ කෑගල්ල දෙසට මීටර් 300ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව වැන්දල විහාරස්ථානය අසලින් හරවා, එම මාර්ගයේම නැවත කබුළුමුල්ල දේවාලයට ප්‍රවේශ වන බව පොලීසිය සඳහන් කරයි.

මෙම පෙරහැර හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ඇතිවන බාධා අවම කිරීම සඳහා, එම කාලය තුළ එම මාර්ගය භාවිත කිරීමට අපේක්ෂිත රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

විකල්ප මාර්ග

1. හැටන් සිට අවිස්සාවෙල්ල දෙසට ගමන් කරන වාහන 

යටියන්තොට නවට හංදියෙන් දකුණට හැරී, පරුස්සැල්ල-පනාපිටිය මාර්ගයේ වරාවල හංදිය දක්වා ගමන් කර, වමට හැරී කෑගල්ල-අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල හංදිය දක්වා ගමන් කර, දකුණට හැරී අවිස්සාවෙල්ල දෙසට ගමන් කළ හැක.

 2. කොළඹ සිට හැටන් දෙසට ගමන් කරන වාහන

කරවනැල්ල හංදියෙන් වමට හැරී, කෑගල්ල-අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගයේ වරාවල හංදිය දක්වා ගමන් කර, දකුණට හැරී බුලත්කොහුපිටිය මාර්ගයේ පනාපිටිය හංදිය දක්වා ගමන් කර, දකුණට හැරී හපුගම්මන-පරුස්සැල්ල මාර්ගයේ නවට හංදිය දක්වා ගමන් කර, ප්‍රධාන මාර්ගයට පිවිස වමට හැරී හැටන් දෙසට ගමන් කළ හැක.

මෙම විකල්ප මාර්ග භාවිත කිරීමෙන් රියදුරන්ට ඇතිවන අපහසුතාවය අවම කර ගත හැකි බව පොලීසිය පවසයි.


ReeCha