මිලියන 14කට අධික දරුවන්ට කිසිඳු එන්නත් නොලැබේ - සරම්ප සහ ක්ෂය වැනි රෝගවලට අනාරක්ෂිත තත්ත්වයක්

Report

2025 වසරේ ගෝලීය සෞඛ්‍ය වාර්තා අනුව, ලොව පුරා මිලියන 14කට වැඩි කුඩා දරුවන් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති බව හෙළි වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් සරම්ප, ක්ෂය රෝගය, පෝලියෝ වැනි වැළැක්විය හැකි රෝගවලින් දරුවන් අනාරක්ෂිත තත්ත්වයක පසුවන බව වාර්තා වේ.

මෙම එන්නත් ලබා නොදීමට ප්‍රධාන හේතුවක් ලෙස ආර්ථික අර්බුද සහ ජාත්‍යන්තර ආධාර අඩුවීම හඳුනාගෙන ඇත. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් වැඩසටහන් සඳහා ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය සහාය හීන වීම මෙම ගැටලුව උග්‍ර කර ඇත.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

එසේම, යුදමය තත්ත්වයන්, ආපදා, සහ සංචාර සීමාවන් හේතුවෙන් දරුවන්ට සෞඛ්‍ය සේවා ලබා ගැනීම අපහසු වී ඇත. ඒ වගේම, රටවල් 100කට ආසන්න ප්‍රමාණයක සරම්ප එන්නත්කරණයේ පහත වැටීමක් වාර්තා වී ඇති අතර, සෞඛ්‍ය පද්ධතිවල කාර්‍යක්ෂමතාව අඩුවීම ද මෙයට හේතුවකි.

මෙම තත්ත්වයෙන් බරපතල ප්‍රතිවිපාක රැසක් මතුවිය හැකිය. එන්නත් නොලබන දරුවන් අතර රෝග ව්‍යාප්තිය වේගවත් වීමෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය පද්ධතිවලට බලවත් පීඩනයක් ඇති විය හැකි අතර, සරම්ප වැනි රෝග හේතුවෙන් වසරකට මිලියන ගණනක දරුවන් මිය යා හැකි බව පර්‍යේෂණ හෙළි කරයි.

හැටන් – කොළඹ මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

හැටන් – කොළඹ මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතන අවධාරණය කරන්නේ, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් නැවත සක්‍රිය කිරීම සහ අඩු ආදායම් රටවලට මූල්‍ය ආධාර වැඩි කිරීම ඉතා අත්‍යවශ්‍ය බවයි. එන්නත්කරණය හරහා දරුවන්ගේ ජීවිත සහ අනාගතය ආරක්ෂා කිරීම මෙම ගැටලුවට පිළියමක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.

ත්‍රීරෝද රථ රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක් - දැන්ම කියවන්න

ත්‍රීරෝද රථ රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක් - දැන්ම කියවන්න