අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව[PHOTOS]

Gossip Today SL Actress Gossips Actress Gossip Lanka Sinhala news
By Kaushi Jul 17, 2025 03:55 AM GMT
Kaushi

Kaushi

Report

පහුගිය දවස්වල සමාජයේ හරි හරියට කතාබහ වුණ මාතෘකාවක් තමයි ජනප්‍රිය නිළි තරින්දි ප්‍රනාන්දු කියන්නේ.

ඒ ඈ සිදු කළ ෆොටෝ ෂූට් එකක් නිසා ඇය රංගන ශිල්පී චතුර රාජපක්ෂ සමඟ රහසේම යුග දිවියට පිවිසිලා කියන වැරදි වැටහීම එක්ක.

කොහොම වුණත් ඔන්න ඇය ආයේ සමාජේ අවධානයට ලක්වෙලා තියෙනවා.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ඒ ඊයේ දින 2025 කැලින් 30 වන සුමති සම්මාන උළෙලදී 2024 වසරේ හොඳම නිළියට හිමි සම්මානය, තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ තරින්දි රඟ පෑ පූජණීගේ චරිතයට ලැබීමත් එක්ක. කොහොම වුණත් සම්මානේ ගන්න ඇය ආවේ නෑ.

ඒ වෙනුවට සම්මානේ ගත්තේ ඇගේ සහෝදරිය.

ඉතින් ඒ සිදුවීමත් එක්ක ගොඩක් අය හොයලා බැලුවා තරින්දි ඇයි සම්මානේ ගන්න ආවේ නැත්තේ කියලා.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

ඔන්න ඒකට උත්තරෙත් තරින්දි ඇගේ ෆේස්බුක් ගිණුමට ඊයේ එකතු කරලා තිබුණා.

ඒ සටහන පහතින්,

“ඉවසන දනෝ තම වේලාව එනතෙක් සන්සුන්ව සිටිති. එහෙත් අන්තිමේදී ඔවුන්ගේ ප්‍රීතිය දිස්වෙයි. “(උපදේශකයා හෙවත් සිරාක් 1:22-24) මේ තත්පරයේ මම ඉන්නේ කැනඩාවේ. ඒත් මම ඉන්න තිබුනේ ලංකාවේ. මොකද මගේ රටෙන් කිලෝමීටර් දහස් ගානක් ඈත දී මම දැනගන්නවා සුමත් සම්මාන උළෙලේ " තත්පරයක් දෙන්න" ටෙලිනාට්‍යයේ “පූජනී” ගේ චරිතය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය මට හිමිවුණු බව. ඒ සතුට ඔබත් එක්ක බෙදාගන්න මට තිබුණ අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට. ❤️ "අම්මාවරු නැති දරුවන්නේ.. සංකා-දුක් කව්දෝ දන්නේ" ඉතින් අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා @Nalindi Fernando මං වෙනුවෙන් ඒ සම්මානය ලබාගත්තා. අනිත් හැම තැනකදී වගේම චතුර Chathura Rajapaksha Chathura Rajapaksha අවශ්‍ය හැම දෙයක්ම ලෑස්ති කරලා දීලා මං වෙනුවෙන් ඒ හැම තැනකම අක්කා එක්ක ඉදලා තිබුනා. සජීවීව බලාගෙන ඉද්දි අපේ අම්මා ගේ ආශිර්වාදය ත් අපිව මේ තරම් දුරක් ගෙනාව තාත්තා ගේ නිහඬ ශක්තිය ත් නෑදෑයින් ගේ යාළුවන් ගේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින් ගේ බලාපොරොත්තුවේ මහිමයත් මට ඒ තත්පරයේ දැනුනා. ❤️ අන්න ඒ වෙලාවේ මගේ අක්කා ගේ මූණේ ඇදුනු හිනාව දැක්කාම " ඉවසන දනෝ තම වේලාව එනතෙක් සන්සුන්ව සිටිති. එහෙත් අන්තිමේදී ඔවුන්ගේ ප්‍රීතිය දිස්වෙයි" කියන බයිබල් පාඨය මතක් වුනා.

නිළි රැජිණියගේ නැගණිය දමයන්ති ෆොන්සේකාටත් කරදරයක්

නිළි රැජිණියගේ නැගණිය දමයන්ති ෆොන්සේකාටත් කරදරයක්

😇 කිසිම කෙනෙකුගේ ජීවිත සුවපහසු මාර්ගයක යෙදිලා ඇති කියලා මම හිතන්නෙ නෑ. අපි හැම කෙනෙකුටම අද මට වගේම දවසක තමන් දරාගත්ත, ගෙවාගත්ත පරිච්ඡේද එක්ක හරි ලස්සන කතාවක් තියෙනවා. හරියට පූජනී ට වගේ. 🌹 මම විශ්වාස කරනවා අපි හැමෝගෙම ඇතුලේ ඉන්න පූජනී ව අපි විශ්වාස කරන්න ඕනේ, ඒ හයියට ඉඩදෙන්න ඕනේ කියලා. ඉතින් තරින්දි ෆනෑන්ඩෝ කියන නිළිය ඇතුලේ හිටිය පූජනීව විශ්වාස කරල චරිතාංග නිළියක් හැටියට මට වෘත්තියමය ගමන ට අවස්ථාව දුන්න අධ්‍යක්ෂකතුමන් සුපුන් රත්නායක මහතා Supun Rathnayaka, නිෂ්පාදකතුමන් මෙන්ම තිර රචක @Rasika Suraweeraachchi රසික සුරවීරාරච්චි මහතා සහ මගේ සහෝදර නළුනිළියන් ඇතුළු " තත්පරයක් දෙන්න කණ්ඩායම" ට මගේ ආදරය, ගෞරවය සහ ස්තූතිය! 🙏

සංගීත ප්‍රසංග වේදිකාවක විශාල ගින්නක්

සංගීත ප්‍රසංග වේදිකාවක විශාල ගින්නක්

නිර්දේශලාභී සහ සම්මානලාභී සියලුම රංගන ශිල්පීන්,ශිල්පිනියන්ටත් මාගේ උණුසුම් සුබපැතුම් 🎊🎊 සුමති සම්මාන වගේ දැවැන්ත වේදිකාවක හොඳම නිළිය සම්මානයට පාත්‍ර වුණු තරින්දි ෆර්නැන්ඩෝ කියන පුංචි මනුස්සයා ට මේ මොහොතෙත් හිතෙන්නේ, ජීවිතය කියන්නෙ කුඩා දිය කඳුරකින් ඉපදිලා තමන් ගලන භූමියෙන් පෝෂණය වෙලා, නොනැවතී, අවසානයට මහා ගඟක් වෙලා අපි හැමෝම ගලන්නෙ මුහුද හොයාගෙන. ඉතින් කුඩා දිය පාරක් වගේ ඉතා කුඩා මනුස්සයෙක් හැටියට ක්ෂේත්‍රයට ඇවිත් නමක් දිනාගද්දි මාව පෝෂණය කල සියලුම දෙනාට ත් ක්ෂේත්‍රය තුල මගෙ පැවැත්ම ශක්තිමත් කරන දයාබර ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාටත්.. මගේ ආදරය ගෞරවය සහ ස්තූතිය. 🙏 මේ මොහොතේ කැනඩාවේ මාත් එක්කම ඉදල ආශිර්වාද කල මා එක්ක සතුට බෙදාගන්න හැමෝටම හදවතින්ම ස්තූතියි .. මට ආයෙමත් මතක් කරන්නෙ මම මොන තරම් වාසනාවන්තියක් ද කියලා. ❤️🇨🇦 ඉතින් ක්ෂේත්‍රය ට ආලෝකයක් වන Sumathi Awards සුමති සම්මාන උළෙලේ තිලංග සුමතිපාල මහත්මා ඇතුළු සංවිධායක මණ්ඩලයටත්, ගෞරවනීය විනිශ්චය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 මාව මේ දුර ගෙන ආව දෙවියන්වහන්සේගේ සැළැස්ම ට ත් දෙමව්පියන් ගේ ආදරය ට ත් සොබා දහමේ ආශිර්වාදයට ත් ස්තූතියි🙏"

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

GalleryGalleryGalleryGallery
ReeCha