දවස් 24 ට චෙම්මිනියේ මිනිස් ඇටසැකිලි 65ක්
යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රණවන් සෙල්ලයියා මහතා විසින් යාපනය චෙම්මිනි සමූහ මිණීවලේ දෙවන අදියරේ කැනීම් කටයුතු තාවකාලිකව මේ වන විට නවතා ඇති බවත් මෙම මස 21 වන දින යළි කැනීම් කටයුතු ආරම්භ කරන බවටත් යාපනය අධිකරණය වෙතට දැනුම් දී ඇති බව සඳහන්.
ඒ අනුව යපනය මහෙස්ත්‍රාත් ඒ. ආනන්දරාජා මහතාගේ අධීක්ෂණය මත දෙවන අදියරේ කැනීම් කටයුතු දින 24 ක් පුරා පැවති අතර එහිදී මිනිස් සිරුරුවලට ඇටසැකිලි 65 ක් හමුවී තිබෙනවා.
එමෙන්ම එම අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ භාරයේ තබා ඇති බවත් සඳහන්.
මේ අතර චෙම්මිනී සමූහ මිනීවලේ සිදුකරන ලද කැනීම්වලදී හමු වූ මිනිස් ඇටසැකිලිවලට අමතරව බෑග්, පාවහන්, වීදුරු, වළලු සහ ඇඳුම් පැළඳුම්ද අධිකරණ වෛද්‍යවරයාගේ භාරයේ තබා ඇති අතර චෙම්මිණි සමූහ මිණීවලට කැනීම් ආරම්භ කරන තෙක් පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් පවසයි.
ඉකුත් පෙබරවාරි 16 වන දින චෙම්මිණි සුසාණ භූමියට අවශ්‍ය වූ නවීන පහසකමින් යුතු ආදාහනාගාරයක් ඉදිකිරීමට නල්ලූර් ප්‍රාදේශීය සභාවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත කොන්ත්‍රාත්කරුවෙක් ආදාහනාගාරයට අවශ්‍ය වූ අත්තිවාරම් කැපීමට සේවකයින් යොදා තිබුණා.
එසෙත් එය සිදුකරන අතරතුරදී පොළව යට තිබූ මිනිස් අස්ථි කොටස් හමුවීමත් සමග ඒ පිළිබඳව කෝපායි පොලීසියට දැනුම් දී ඇත.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ ස්ථානය ආරක්ෂිත ස්ථානයක් වශයෙන් නම් කොට ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් පසු මෙසේ කැනීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
