ලංකාවට අත දෙන්න කැමති බව ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා කියයි[PHOTOS]

Report

ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා අතර සාකච්ඡාවක් ඊයේ (16) දින උතුරු මැද පළාත් සභා සංකීර්ණයේ ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු වූ බව වාර්තා වේ.

ඒ අනුව එහිදී ඉන්දියානු මහ කොමසාරි සන්තොස් ජා මහතා විසින් දෙරට අතර බැඳීමට ඉතා දිගු ඉතිහාසයක් ඇති බවත් ආගමික හා සංස්කෘතික බැඳීම එහි ආරම්භක පදනම බවත්, ඉන්දියාවට ලංකාව ඉතාම වැදගත් රටක් බවත්, ලංකාවට ද ඉන්දියාව ඒ ආකාරයෙන්ම වැදගත් යැයි තමන් සිතන බවත් කියා සිටි බව සඳහන්.

නිළි රැජිණියගේ නැගණිය දමයන්ති ෆොන්සේකාටත් කරදරයක්

නිළි රැජිණියගේ නැගණිය දමයන්ති ෆොන්සේකාටත් කරදරයක්

එහිදී තවදුරටත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා වෙත අදහස් පළ කළ මහ කොමසාරිස්වරයා ඉකුත් කාලයේ ඉන්දියාව රටක් ලෙස ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගත් බවත්, සූර්ය බල ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ළඟාකර ගත් බවත්, ලංකාවට ද ඒ තත්ත්වය වැදගත් බවත් ඉදිරි කාලයේ බලවත්ම බල ශක්ති ප්‍රභවය සූර්ය බල ශක්තිය බවත් ප්‍රකාශ කට තිබෙනවා.

එසේම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඔවුන් ඉදිරියට පැමිණ ඇති බවත්, ලංකාවට ද එම ක්ෂේත්‍රයට අවශ්‍ය සහයෝගය ලබාදිය හැකි බවත් පවසා ඇත.

මීට අමතරව වී නිෂ්පාදනය, බඩ ඉරිඟු නිෂ්පාදන වැනි අංශ දියුණු කිරීමට උපකාර කළ හැකි බවත්, සත්ව පාලනය විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය පැත්තෙන් ඉන්දියාව වැදගත් ස්ථානයක සිටින බවත් උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි නිෂ්පාදන සංවර්ධනය කිරීමට උපකාර කළ හැකි බවත් මෙහිදී පෙන්වා දී තිබීම විශේෂත්වයක්.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

එසේම ඉදිරියේදී ජනතාවට බලපාන සෘජු සංවර්ධන යෝජනා ක්‍රම මේ කාලයේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් බව සහ ජනතාවට කෙටි කාලයකදී ප්‍රතිඵල ලැබෙන නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට ද සූදානම් බව ද ඔහු සඳහන් කර ඇත.

මේ අතර මහ කොමසාරිස්වරයා විසින් අනුරාධපුරයට ඇති ප්‍රවාහන දුෂ්කරතා ඉතා ඉක්මනින් සකස් කළ යුතු බවත්, මාර්ග මෙන්ම අධිවේගී මාර්ග සකස් කළ යුතු බවත් පෙන්වා දුන් බව පවසයි.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

එසේම ගුවන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුළුල් කළ යුතු බවත් අනුරාධපුර හා හිඟුරක්ගොඩ ගුවන් තොටුපළවල් කේන්ද්‍ර කර ගනිමින් අන්තර් ගුවන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රය පුළුල් කිරීමට උපකාර කිරීමට සූදානම් බවත් පවසා තිබෙනවා.

අඳාළ අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ සහ ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් ආනන්ද ප්‍රේමකුමාර යන මහත්වරුන් ද සහභාගී වූ බව සඳහන්.

හැමෝම බලන් හිටපු ඇසළ පෙරහර 25 තිබ්බත් විශාල ගැටලුවක් - දියවඩන නිළමේ

හැමෝම බලන් හිටපු ඇසළ පෙරහර 25 තිබ්බත් විශාල ගැටලුවක් - දියවඩන නිළමේ

GalleryGalleryGalleryGallery