සංගීත ප්‍රසංග වේදිකාවක විශාල ගින්නක්
By Kaushi
බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රසංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ගින්නක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඇති වූ ගින්නෙන් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.
සංගීත ප්‍රසංගය පැවැත් වීමට දින දෙකකට පෙර මෙම ඛේදවාචකය සිදුව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. එසේම ගින්නෙන් එහි සිටි කිසිවෙක්ට හානි සිදුව නැති වුවත් වේදිකාවට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම විචිත්‍රවත් සංගීත උළෙල ලබන සිකුරාදා දින ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.
එමෙන්ම එය සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන බවත් ඒ සඳහා පුද්ගලයින් 400,000ක් පමණ සහභාගී වෙනු ඇති බවත් බලාපොරොත්තු වේ.