මෙන්න රජයෙන් අලුත්ම වැඩක් - TikTok එකෙන් අධ්‍යාපනය දෙන්න යන්නේ

Report

TikTok සමාජ මාධ්‍ය නියෝජිතයින් සමඟ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර විශේෂ හමුවක් අද (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි.

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

මෙම හමුවේදී TikTok යනු විනෝදාස්වාදය පමණක් නොව, ආර්ථික අවස්ථා පුළුල් කිරීම හා අධ්‍යාපන කටයුතු සඳහාද උපයෝගී කළ හැකි ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳ අවධානය යොමු කරන ලදී.

ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳව සිදු කළ සාකච්ඡාවේදී, විෂයමාලා සංශෝධනය, නීතිමය ක්‍රමවේද, පර්යේෂණ හා වගකීම් සහිත තාක්ෂණික භාවිතය ආදී කරුණු මතු කරමින් TikTok හරහා ආර්ථික වාසියක් ලබාගත හැකි බව TikTok නියෝජිතයින් අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙන්න වැඩක් මාලිමා ආණ්ඩුවට හොද කියන රවී කරුණානායක එනපොටනම් හොද නෑ

මෙන්න වැඩක් මාලිමා ආණ්ඩුවට හොද කියන රවී කරුණානායක එනපොටනම් හොද නෑ

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ප්‍රතිසංස්කරණ සමඟ මෙවැනි සහයෝගිතා වැදගත් බවටත්, ඩිජිටල්කරණය තවදුරටත් වේගවත් කිරීමේ අවශ්‍යතාවයත් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම හමුවට TikTok සමාගමේ දකුණු ආසියාවේ රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී Ferdous Al Mottakin, මහජන කටයුතු ප්‍රධානීන්, සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.