කොළඹට හදිසියේම දැඩි රථවාහන තදබදයක්..ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගත් බ්ලොක් වෙයි..
දිවයිනට බලපාන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලිසිය විසින් දැනුම්දී තිබෙනවා.
මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවතින්නේ, බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ගය මේ වන විට රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව ද අප වාර්තාකරුවන් පවසයි.