'නිදහස සඳහා නීතිඥයෝ' - ප්රජාතන්ත්රවාදී නිදහස රැකගැනීමට නීතිඥයන් දහසක් කොළඹට
By Shehan
දේශපාලන සහ සමාජ නිදහස ආරක්ෂා කරගනිමු යන තේමාව යටතේ, ප්රමුඛ නීතිඥවරුන් දහසක් සහභාගී වන රැළියක් නොවැම්බර් මාසයේ අගභාගයේදී කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසති.
නීති ක්ෂේත්රයේ විශේෂඥයන් සහ ප්රකට දේශපාලකයන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් සතියේ අවසානයේ කොළඹදී පැවැත්වුණු සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
“නිදහස සඳහා නීතිඥයෝ” යන නමින් මෙම රැළිය හඳුන්වා ඇති අතර, නිදහස අගයන දේශපාලන පක්ෂ නායකයින්ට ද මෙයට සහභාගී වන ලෙස සංවිධායකයන් ආරාධනා කර ඇත.