මාලිමාවට විරුද්ධ සෙට් එකක් කොළඹට ඕනි - පොදු ජන පෙරමුණ

Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam Sinhala news
By Mithu Jun 02, 2025 10:17 AM GMT
Mithu

Mithu

Report

පසුගියදා පැවති මැතිවරණයේදී කොළඹ මහා නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ආණ්ඩු පක්ෂයට නොහැකි වීම නිසා ඒ වෙනුවෙන් විපක්‍ෂයේ  විවිධ කණ්ඩායම් එකට එකතු වී බලය ලබා ගැනීමේ තරගයක යෙදුණා.

ඒ අනුව කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයක් අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා,

"කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂය හැටියට පෙනී යන්නේ පවතින ආණ්ඩුවට කොළඹ මහ නගර සභා බල සීමාව තුළ පදිංචි වී සිටින ජනතාවගෙන් අති බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ. කොළඹ මහ නගර සභාවේ ජනතාව මාලිමාව ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශවයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහිකිරීමට අවශ්‍ය සහායෝගය පක්ෂයක් හැටියට අපි ලබාදෙන්න කැමැතියි."

ReeCha