රජයේ වී මිලදී ගැනීම ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්

Report

 මේ වන විට ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 61,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර ඇත .

මේ වනවිට 61,449ක් මිලදී ගෙන ඇතැයිද එහි වටිනාකම රුපියල් මිලියන 7,383ක් වන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කරයි .

ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනුයේ මේ යටතේ නාඩු සුදු මෙට්‍රික් ටොන් 17,690, නාඩු රතු මෙට්‍රික් ටොන් 43,836ක් සම්බා සුදු කිලෝ 160,000ක් සම්බා රතු 756,000, කීරි සම්බා කිලෝ 6276ක් ලෙස රජය විසින් වී මිලදී ගෙන ඇති බවය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ගැන හෙටට විතරක් වලංගු සුබ ආරංචියක් දැනුම්දෙයි

තවද පොහොර නිකුත් කිරීමේදී මේ වන විට රජයේ පොහොර සමාගම් මෙන්ම පෞද්ගලික පොහොර සමාගම් 18ක් මේ වන විට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් විසින් වගා කරන ප්‍රමාණයන් අනුව පොහොර නිකුත් කරන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.