කොළඹ මහ නගර සභාවේ කරපු දූෂණ මගඩි ඔක්කොම එළි වෙයි
කොළඹ මහ නගර සභාවේ සිදු වී ඇති බව සැලකෙන දූෂණ වංචා පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවා ඇත.
ඒ අනුව 2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇති බව සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ආකාරයට විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ආකාරයෙන් පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම් සහ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම, නිශ්චල හෝ චංචල දේපොළ කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පරිපාටියෙන් බැහැරව සිදු කර ඇති නඩු කටයුතු සහ සමථ කිරීම් සහ ඉහත ක්‍රියා නිසා රජයේ වත්කම්වලට හෝ ආදායමට සිදු වූ බරපතළ අලාභ සහ හානි පිළිබඳ සොයා බැලීමට මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර ඇත.
ඒ අනුව සංශෝධිත 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය වන ) 02 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 දෙසැම්බර් 30 වෙනි දින අංක 2469/08 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පත් කරන ලද මෙම පරික්ෂණ කොමිෂන් සභාව කොළඹ 03, ගාලු පාර, අංක 152 ස්ථානයේ ස්ථාපිත කර ැති බව සඳහන්.
තවද හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ පියසේන රණසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වශයෙන් ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ (1 ශ්‍රේණිය) ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු කටයුතු කරන බව සඳහන්.
එමෙන්ම මෙම කොමිෂන් සභාව වෙත පැවරී ඇති වගකීම නම්, දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයන්ට සහ රජයේ සේවකයන් වශයෙන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල නිලධරයන් ලෙස සේවයේ නිරතව සිටි හෝ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට සහ සේවා සහ සැපයීම් සිදු කරන පුද්ගලයන්ට සහ රාජ්‍ය හෝ පුද්ගලික ආයතන හෝ පුද්ගලයන්ට එරෙහිව බරපතළ චෝදනා සම්බන්ධයෙන් මහජන පැමිණිලි,තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ලබාගැනීමයි.