අත උස්සන නිසා ලොක්කෙක්ව ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවතට? - දයාසිරිගෙන් පැන්න හේතුව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කළ යුතු බවට තමා පාර්ලිමේන්තුවට යෝජනා කරන බව සමගි ජන බලවේගයේ කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (22) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.
ඒ අනුව ඔහු පැවසුවේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා 8 පාරක් ව්‍යවස්ථාදායක සභාවේදී ආණ්ඩුවේ වැරදි පත්වීම්වලට පක්ෂව අත ඔසවා තිබෙන බවයි.
එමෙන්ම මෙය විශාල ගැටළුවක් බවටද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවධාරණය කර ඇත.
තවද ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ කුඩා පක්ෂ නියෝජනය කරමින් ශ්‍රීධරන් මන්ත්‍රිවරයා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළද ඔහු නිවැරදිව ක්‍රියා නොකර බොහෝ අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයට පක්ෂග්‍රාහිවීම බරපතළ කාරණයක් බවයි.
එසේම අල්ලස් කොමිසමේ පත්කිරීම්වලට ද අත ඔසවන ශ්‍රීධරන් මන්ත්‍රිවරයාට රුපියල් මිලියන 70ක මුදලක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද දයාසිරි ජයසේකර මහතා පවසයි.
එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී ඇති බවයි.