සතොසෙන් පොල් ලාබෙට

Report

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කළේ, පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ඉදිරි දිනවලදී ලංකා සතොස ශාඛා ඔස්සේ පොල් ගෙඩියක් රුපියල් 160ත් 170ත් අතර මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවයි.

එසේම, ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල්වල පොල් නිෂ්පාදනයේ හිඟයක් පවතින බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව, පොල් ගෙඩි මිලියන 300ක පමණ හිඟයක් නිෂ්පාදනයේ ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

ලග්න 12ක් සඳහා අද වාසනාව සහ අනතුරු – දැන්ම බලන්න

ලග්න 12ක් සඳහා අද වාසනාව සහ අනතුරු – දැන්ම බලන්න

මේ දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 210ත් 230ත් අතර මට්ටමකට ඉහළ ගොස් ඇති බව සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 124 දක්වා පහත වැටී ඇතත්, අතරමැදියන් විසින් වතුවලින් පොල් මිලදී ගෙන වෙළෙඳපොළට වැඩි මිලකට අලෙවි කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

සිංහල සහ දමිළ පහළ භාෂාවන්ද? අධිකරණ ඇමති කියන කතාව

සිංහල සහ දමිළ පහළ භාෂාවන්ද? අධිකරණ ඇමති කියන කතාව