ජේතවනාරාමය ඉංජිනේරු ආශ්චර්යයක් ලෙස ජාත්‍යන්තරයේ අවධානය නැවතත් දිනාගනී

Report

මානව ඉතිහාසයේ මෙතෙක් ඉදිකරන ලද විශාලතම ගඩොල් ව්‍යුහයන්ගෙන් එකක් වන ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ජේතවනාරාමය ස්ථූපය, CNN හි ගෝලීය සංචාරක හා සංස්කෘතික ආවරණයේ කැපී පෙනෙන ලෙස ඇතුළත් වීමෙන් පසු ජාත්‍යන්තර අවධානය ඒ වෙත ලැබී තිබේ .

එය වසර 1,700 ක් පැරණි ස්මාරකය නැවත ලෝක වේදිකාවට රැගෙන විත් තිබේ.

එහි පුළුල් විශේෂාංගයෙන්, CNN ජේතවනාරාමය "සදාකාලිකත්වය සඳහා ඉදිකරන ලද දැවැන්ත මෙගා ව්‍යුහයක්" ලෙස විස්තර කර තිබේ 

මෙම ස්ථූපය ක්‍රි.ව. 4 වන සියවසේ මුල් භාගයේදී නිම කරන ලද විට, එය පෘථිවියේ තුන්වන විශාලතම මිනිසා විසින් සාදන ලද ව්‍යුහය ලෙස ශ්‍රේණිගත කර ඇති බවත්, ගීසාහි මහා පිරමීඩවලට පමණක් පිටුපසින් බවත් වාර්තා කර ඇත.

මෙම CNN ලිපිය තුළින් පූජනීය නගරයේ ජීවමාන උරුමය, සුදු පැහැයෙන් සැරසුණු වන්දනාකරුවන්, සජ්ඣායනා කරන භික්ෂූන් සහ වසර 2,000 කට වැඩි කාලයක් අඛණ්ඩව සම්ප්‍රදායන් අඛණ්ඩව පවත්වාගෙන ජේතවනාරාමය මෙම පුරාණ නමුත් විචිත්‍රවත් භූ දර්ශනයේ කේන්ද්‍රයේ තබමින් මෙහි අපූර්වත්වය නිරූපණය කරනු ලබයි.

තවද CNN අවධාරණය කරනු ලබන්නේ ස්ථූපය මුලින් මීටර් 122 ක් (අඩි 400) පමණ උසට නැඟී ඇති අතර එය ඉදිකර ඇත්තේ විශ්මයජනක ලෙස පිළිස්සූ ගඩොල් මිලියන 93.3 ක් භාවිතා කරමිනි.

අද වන විට ස්මාරකය දළ වශයෙන් මීටර් 71 ක් උස වුවද, එය තවමත් ඉදිකර ඇති විශාලතම ගඩොල් ව්‍යුහය ලෙස පවතින බවයි මෙහි ගෝලීය ජාලය බලගතු පුරාවිද්‍යාත්මක ඇස්තමේන්තුවක් ද ඉස්මතු කර තිබේ.


පිරමීඩ මෙන් නොව, ජේතවනාරාමය අධික වර්ධනය සහ නොසලකා හැරීමේ කාල පරිච්ඡේද හේතුවෙන් සියවස් ගණනාවක් ලෝක මතකයෙන් සැඟවී තිබූ බවත්, එහි නැවත සොයාගැනීම සහ ශාස්ත්‍රීය පුනර්ජීවනය වඩාත් කැපී පෙනෙන බවත් CNN හි විශේෂාංගය තවදුරටත් සඳහන් කර තිබේ.

https://edition.cnn.com/travel/jetavanaramaya-sri-lanka-megastructure-anuradhapura

මිලියන සංඛ්‍යාත ජාත්‍යන්තර පාඨකයින් සමඟ CNN හි අවධානය ශ්‍රී ලංකාවේ උරුම සංචාරක ව්‍යාපාරයට වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. මානව වර්ගයාගේ ඉංජිනේරු විද්‍යාවේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණයක් ලෙස එහි තත්ත්වය නැවත නැවතත් එය තහවුරු කර ඇත.