ත්‍රිපෝෂ සමාගම ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.- අම්මලාටත් නෑ? ළමයින්ටත් නෑ? ආසාවෙන් බලන් හිටපු තාත්තලාටත් නෑ.?

Sri Lanka
By Wayomi Nov 08, 2024 03:37 AM GMT
Wayomi

Wayomi

Report

ත්‍රිපෝෂ සමාගම වසා දැමීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බව ජනඅරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (7) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදීයි.

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ඉහළට. - රු. බිලියන 480.3 ක්.??

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ඉහළට. - රු. බිලියන 480.3 ක්.??

එහිදී ජයගොඩ මහතා මෙසේ ද සඳහන් කළා,

"අනුර දිසානායක ජනාධිපතිවරයා විදිහට පත්වීමත් එක්කම 2024 සැප්තැම්බර් 27 අංක 2403 / 53 දරන ගැසට් නිවේදනය නිකුත් කළා. මේ ගැසට් නිවේදනයේ 8 පිටුවේ 36 වෙනි වගන්තියට අනුව ආණ්ඩුව තීරණයක් අරගෙන තියනවා සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අහෝසි කරන්න.

ඒක නිසා අමාත්‍යාංශ ගැසට් කිරීමේදී ත්‍රිපෝෂ සමාගම කිසිඳු අමාත්‍යාංශයකටවත් පවරල නෑ. අපි දන්නවා ත්‍රිපෝෂ නිර්දේශ කරන්නේ අවුරුදු 5ට අඩු අඩු බර සහිත දරුවන්ට, නීරක්තියෙන් පෙලෙන ගැබිනි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට.

එතකොට ත්‍රිපෝෂ කියන්නෙ රටේ ජනතාවගේ පෝෂණය පවත්වාගෙන යන්න අත්‍යාවශ්‍ය දෙයක්. 1987 මේ සමාගම පෞද්ගලික දුම්කොළ නිෂ්පාදන සමාගමක් සමග ඒකාබද්ධව ආරම්භ කරලා 2011 දී රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරගන්න හේතු වුණෙත් අත්‍යාවශ්‍ය මහජන සේවාවක් නිසා."

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.

ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.


ReeCha