අහුන්ගල්ලේදී වෙඩි කෑ පොඩි පැටීගේ සම්පූර්ණ විස්තරය මෙන්න

Report

අහුන්ගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින්, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 'ලොකු පැටී' නැමැත්තාගේ සොහොයුරෙකු වන සුගත් නුවන් කුමාර හෙවත් 'පොඩි පැටී' (අවුරුදු 35) ඝාතනය වී තිබේ.

ඊයේ රාත්‍රි 8.10ට පමණ මොහු නිවසින් පිටතට ගොස් නැවත පැමිණෙමින් සිටියදී පාගමනින් පැමිණි නාඳුනන වෙඩික්කරුවෙකු විසින් හිසට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇත.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මියගිය 'පොඩි පැටී' නැමැත්තාට කිසිදු අපරාධමය චෝදනාවක් නොමැති බවත්, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවත් පොලීසිය පවසයි. පසුගිය අප්‍රේල් 16 වනදා ද මොහුව ඝාතනය කිරීමට උත්සාහයක් දරා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන පවත්වයි.

''කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්'' - සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසි

''කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්'' - සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසි

මෙම සිද්ධියත් සමඟ මෙරට තුළ වසරේ මේ දක්වා සිදුවූ වෙඩිතැබීම් සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.