තම හිතවතිය අත්අඩංගුවට ගන්නට සැරසෙන්නේදැයි ආණ්ඩුකාරයෙක්ගෙන් පොලිසියට සද්දයක්..

Sri Lanka Police Sri Lanka Uva Province Drugs
By Piyumika Sep 16, 2024 01:46 AM GMT
Piyumika

Piyumika

Report

මත්පෙති ජාවාරම් කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමේදී ඊට බාධා කළ රූපලාවණ්‍ය ශිල්පිනියක කළ දැනුම්දීකට අනුව ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ මහියංගණය පොලිසියට ඊයේ උදෑසන කඩා වැදී පොලිසියට දැඩිව අවවාද කර ඇතැයි අනාවරණය වෙයි.

මෙම සිදුවීම ඊයේ අලුයම 12.30 ට පමණ සිදුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මහියංගණය රජමහා විහාරයේ පෙරහර මංගල්‍යයට සමගාමී විනෝද සැණකෙළි හා සංගීත සන්දර්ශන මහියංගණය නගරයේදී පැවැති අතර එවැනි සංගීත සන්දර්ශනයක සිටි සැකකරුවන් දෙදෙනකු මහියංගණය පොලිසිය විසින් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්පෙති ජාවාරම් හා බෙදාහැරීම්වලට අදාළවය.

මේ බලන්නකෝ වෙලා තියන දේ එක පා පහරින් බස් එකක් පෙරලලා ..

මේ බලන්නකෝ වෙලා තියන දේ එක පා පහරින් බස් එකක් පෙරලලා ..

මෙම සැකකරුවන් මහියංගණය පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාව සිටින ජයසේකර නැමැති සැරයන්වරයකු විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන්ගේ සහෝදරියන් හා ඥාතී කාන්තාවන් කිහිප දෙනකු පොලිසියේ රාජකාරියට බාධා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.

එම අවස්ථාවේදී පොලිසිය අවවාද කර ඇත්තේ රාජකාරියට බාධා කිරීම මත මෙම කාන්තාවන්ද අත්අඩංගුවට ගැනීමට සිදුවන බවය.

මෙම එක් කාන්තාවක් ඌව පළාත් ආණ්ඩුකාරවරයාට අයත් බව කියන මහියංගණයේ ගොඩනැගිල්ලක රූපලාවණ්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් ඇය ආණ්ඩුකාරවරයාට දුරකථන ඇමතුමක් දි පොලිසිය අසාධාරණ ලෙස තමන්වද අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව පවසා ඇති බවත් දැනගන්නට ඇත.

මේ දවස් වල සමාජ මධ්‍ය වල වැඩියෙන් කතා වෙන අගමැති මෝදි කරන වැඩේ බලන්නකෝ ..(VIDEO/PHOTOS)

මේ දවස් වල සමාජ මධ්‍ය වල වැඩියෙන් කතා වෙන අගමැති මෝදි කරන වැඩේ බලන්නකෝ ..(VIDEO/PHOTOS)

මේ අනුව ඊයේ අලුයම සිය ආධාරකරුවන් පිරිසක් සමගින් මහියංගණය පොලිසියට පැමිණ ඇති පළාත් ආණ්ඩුකාරවරයා පොලිසියේ ස්ථානාධිපතිවරයා හා ඉහත සැකකරුවන් දෙපළ අත්අඩංගුවට ගත් සැරයන්වරයා හමුවී තත්ත්වය විමසා ඇත.

එහිදී පොලිසිය සඳහන් කර ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයේ මත්පෙති ජාවාරම්වලට අදාළව කලක පටන් සොයමින් සිටි සැකකරුවන් දෙදෙනකු බවය.මොවුන්ට අමතරව කාන්තාවන් අත්අඩංගුවට නොගන්නා බවය.

රාජකාරී කිරීමේදී අදාළ නොවන අහිංසකයන්ට බලපෑම් නොකරන ලෙසට මෙහිදි ආණ්ඩුකාරවරයා පොලිසියට අවවාද කර ඇත.

එම ස්ථානයේදීම පොලිස් නිලධාරියකුට දිවි අහිමි කල මාරක අනතුර..

එම ස්ථානයේදීම පොලිස් නිලධාරියකුට දිවි අහිමි කල මාරක අනතුර..

මේ අතර මහියංගණය පොලිසියට පැමිණි ආණ්ඩුකාරවරයාගේ රථය පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල රථය නවතන ස්ථානයේ නවතා තබා ඇති අතර ස්ථානාධිපතිවරයාගේ රියැදුරු වන පොලිස් කොස්තාපල්වරයා ඒ අවස්ථාවේදී නිල රථයෙන් එම ස්ථානයට පැමිණ ඇත.

එහිදී ස්ථානාධිපතිවරයාගේ රථය ගාල් කරන ස්ථානයෙන් එම රථය ඉවත් කරගන්නා ලෙසට කොස්තාපල් රියැදුරු පවසා ඇති අතර අනෙක් රථයේ රියැදුරු පවසා ඇත්තේ මෙය පළාත් ආණ්ඩුකාරවරයාගේ රථය බවය. මේ අවස්ථාවේදී දෙදෙනා අතර සුළු බහින්බස් වීමක් සිදුව ඇති බවත් පසුව එය සමථ වී ඇති බවත් පොලසිය පවසයි.

ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව මිතුරෙකුට ලැබුණු නිසා ජිවිතේ බේරුණු බුහාරි..

ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව මිතුරෙකුට ලැබුණු නිසා ජිවිතේ බේරුණු බුහාරි..

මේ සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්තගෙන් කළ විමසීමකදී කියා සිටියේ ආණ්ඩුකාරවරයා පොලිසියට පැමිණ තම හිතවතියක් අත්අඩංගුවට ගන්නට සැරසෙන්නේදැයි ප්‍රශ්න කර පිටව ගොස් තිබෙන බවය.

පොලිස් ස්ථානය තුළ ආණ්ඩුකාරවරයා කලබලකාරී හෝ ආවේගශීලිව හැසිර හෝ ගැටුමක් ඇතිකරගෙන නොමැති බවය. එවැනි ආකාරයෙන් වාර්තා වන පුවත් අසත්‍ය බවත් ඔහු කීය.