නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ ඇති බවට චෝදනා එල්ල වන සබඳතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් මහතාට මෙලෙස දැනුම් දී තිබේ.
මේ අතර, ඔහුගේ මව හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හෙට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
සිරිලිය ගිණුමට අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඇයට සිතාසියක් නිකුත් කර ඇති බව වාර්තා වේ.