දින 180ට පසු ඉෂාරා සෙව්වන්දිට තවත් දින 30කට රැඳවුම් නියෝග
ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දිගේ තවත් දින 30 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව එම සිද්ධියට අඳාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබූ කරුණු දැක්වීමකින් පසුව එසේ නියෝග කර තිබෙනවා.
එමෙන්ම සැකකාරියට එරෙහිව ගෙන තිබූ පළමු දින 90ක රැඳවුම් නියෝග ඉකුත් ජනවාරි 15 දිනෙන් අවසන් වු බවත් පසුව දෙවන දින 90 ක රැඳවුම් නියෝග කාලය ලබාගත් බවත් සඳහන්.
එම දින 90ක රැඳවුම් නියෝග කාලය ද මේ වන විට අවසන් වන බැවින් තවත් දින 30ක කාලයක් ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.
එම සිද්ධියට අඳාළව විදෙස් ගතව සැකකරුවන් අට දෙනෙක් සිටින බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.
මෙසේ දන්වා ඇත්තේ සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදීයි.