දේශබන්දුගේ හැංගිමුත්තම් නාඩගම - තොරතුරු දන්නවා නම් CIDයට කියන්න
By R.rishma
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.