අමෙරිකානු තීරුබදු හේතුවෙන් චීන කුඩා ව්‍යාපාර ඇණහිටී

Report

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු නිසා චීනයේ කුඩා ව්‍යාපාරවලට බලවත් පහරක් එල්ල වී ඇති බවයි.

කුඩා ව්‍යාපාරිකයින් පවසන්නේ අමෙරිකාවට යැවීමට සූදානම් කළ බොහෝ නිෂ්පාදන තවමත් චීන ගබඩාවල රැඳී ඇති බවයි.

ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස චීනය ඉල්ලයි

ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස චීනය ඉල්ලයි

මෙම අර්බුදය ඇතිවූයේ ට්‍රම්ප් විසින් අමෙරිකාවට ගෙන එන සියලු චීන භාණ්ඩ සඳහා 145%ක තීරුබදු පැනවීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය උපුටා දක්වන චීන කුඩා ව්‍යාපාරිකයින්ට අනුව, ඇතැම් ව්‍යාපාරවල නිෂ්පාදනවලින් භාගයක් පමණ අමෙරිකාවට අපනයනය කෙරේ.

මේ වන විට අමෙරිකාවට යැවීමේ අපේක්ෂාවෙන් නිෂ්පාදනය කෙරුණු බොහෝ භාණ්ඩ තවදුරටත් නිෂ්පාදනය නොකරන බව වාර්තාවල සඳහන් වේ.

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?

අනුර මහජන ආරක්ෂක ඇමතිකම ෆොන්සේකට දෙයිද?


තීරුබදු හේතුවෙන් ලොව පුරා ආර්ථික අස්ථාවරත්වයක් හටගත් අතර, එහි බලපෑම අමෙරිකාවට දැනීමත් සමඟ ට්‍රම්ප් තීරුබදු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීය.

නමුත් චීන භාණ්ඩ සඳහා පැනවූ බදුවල කිසිදු වෙනසක් සිදුවූයේ නැත.

විදෙස් මාධ්‍ය දත්තවලට අනුව, මෙම තීරුබදු හේතුවෙන් ව්‍යාපාර 30,000කට වැඩි ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇත.

ශ්‍රී ලංකාව, ඇමරිකාවෙන් මාස 6ක බදු සහනයක් ඉල්ලීමට සූදානම්

ශ්‍රී ලංකාව, ඇමරිකාවෙන් මාස 6ක බදු සහනයක් ඉල්ලීමට සූදානම්


මෙම බදු නිසා චීනයට පමණක් නොව, අමෙරිකානුවන්ට ද බලවත් පීඩනයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇතැම් චීන භාණ්ඩවල මිල ඉහළ යාම ඒ සඳහා හේතුවයි. බහුතර අමෙරිකානුවන් තම මුළුතැන්ගෙයි අවශ්‍යතා චීන භාණ්ඩවලින් සපුරා ගත්තද, මිල ඉහළ යාමත් සමඟ ඔවුන්ගේ දෛනික ජීවිතයට බලපෑම් එල්ල වෙමින් පවතී.

රන් මිල ඉතිහාසයේ නව ඉහළම අගයක් තට්ටු කරයි

රන් මිල ඉතිහාසයේ නව ඉහළම අගයක් තට්ටු කරයි


දැන් අමෙරිකානුවන්ට වියදම් කිරීමට වඩා ඉතිරි කිරීමට උවමනා බව විදෙස් වාර්තා පවසයි.

සමීක්ෂණවලට අනුව, "ලෝකයේ කර්මාන්ත ශාලාව" ලෙස හැඳින්වෙන චීනයේ මිලියන 10ත් 20ත් අතර ජනතාවක් අමෙරිකාවට යවන භාණ්ඩ නිෂ්පාදනයට පමණක් සම්බන්ධ වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.