බන්ධනාගාර රෝහලේ කට්ටියටත් කොකා පෙන්නලා රැඳවියෙක් පනී - අතරමඟදී රන් සුද්දයකුත්
බන්ධනාගාරය භාරයේ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු වැසිකිළියට යන බව සඳහන් කර එහි ඡනේලයෙන් පැන එම රෝහල් පරිශ්‍රයේම පිහිටි ගොතටුව ‘සසර’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාවගේ ගෙල බැඳි රන් මාලය ද කොල්ල කා පලා ගොස් ඇති බවට මුල්ලේරියාව පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව පොලීසිය සඳහන් කළේ අඳාළ සැකකරු රෝහලෙන් පැන යන විටදී රෝහල් භූමිය තුළ ම පිහිටි ‘සසර’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිය නිල කාමරයේ සිටි අධ්‍යක්ෂිකාව දෙසට පැන ඇති බවත්, එහිදී ඇය සමඟ පොර බදා ඇගේ ගෙල පැළඳ සිටි පවුම් දෙකක් බර රන් මාලය සහ පෙන්ඩනය කොල්ලකා දිව ගොස් ඇති බවත් ය.
එසේම අධ්‍යක්ෂිකාව සමඟ පොරබදා ඇගේ රන් කොල්ලකෑ සැකකරු අඳාළ ස්ථානයෙන් පලා ගොස් අසල තිබූ ත්‍රීරෝද රථයකට නැග තිබෙන අතර පසුව එම ත්‍රීරෝද රථයෙන් කළපළුවාව ප්‍රදේශයට ගොස් තම සාක්කුවෙන් මුදල් සොයන මුවාවෙන් රඟපා එතැනින් ද පලා ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම ත්‍රිරෝද රථ රියැදුරු එම පුද්ගලයා පසුපස ලුහුබැඳ ගියත් ඔහු වහ වහා දිව ගොස් සැඟවුණු බව ද ත්‍රීරෝද රථ රියැදුරු කළ පැමිණිල්ලේ සඳහන්.
ඒ අනුව මෙසේ බන්ධනාගාර ආරක්ෂාවෙන් මිදී පලා ගිය සැකකරු සොරකමක් සම්බන්ධයෙන් සැකපිට ගොතටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු බව පවසයි.
ඔහු දුම්රියපොල පාර, දෙමටගොඩ පදිංචි සම්පත් නමැත්තෙක්. කෙසේ වෙතත් සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
අඳාළ රන් භාණ්වල වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වන බව ද පොලිසිය පවසයි.