අපි ලොකු ලූනු මනින්නේ ඇස්වලින් - වට ප්‍රමාණයේ මනින්නේ නැහැ - සතොස පැහැදිලි කරයි

Report

ලොකු ලූනු මිලදී ගැනීමේදී ගෙඩි වට මැනීමක් සිදු නොකරන බව ලංකා සතොස ආයතනය පවසයි.

ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා සඳහන් කළේ, ලූනු ගෙඩියක ප්‍රමාණය මැන බැලීමක් නොකර, එය නිලධාරීන් විසින් ඇස් මට්ටමින් පරීක්ෂා කර මිලදී ගැනීම සිදු කරන බවය.

ලංකා සතොස ආයතනය විසින් ගොවීන්ගේ ලොකු ලූනු අස්වනු මිලදී ගැනීම පසුගිය දින ආරම්භ කළ අතර, එයට කොන්දේසි 17ක් පැනවූ බවද සමාගම පැවසීය. ඒ අනුව, ලූනු ගෙඩියක විෂ්කම්භය 35mm සිට 65mm දක්වා විය යුතු බවත්, කිලෝවකට ගෙඩි 8ක් පමණ අඩංගු විය යුතු බවත් කොන්දේසිවල සඳහන්ය.

මීට පස්සේ ලොකු ලූනු ගන්නේ මෙහෙමයි - රජයෙන් දාපු කොන්දේසි 17ක් මෙන්න

මීට පස්සේ ලොකු ලූනු ගන්නේ මෙහෙමයි - රජයෙන් දාපු කොන්දේසි 17ක් මෙන්න

කෙසේ වෙතත්, මෙම ප්‍රමිතීන් හේතුවෙන් ගොවීන් රැසක් විරෝධය පළ කර ඇති අතර, තම අස්වනු එම ප්‍රමිතීන්ට අනුකූල නොවන බව සඳහන් කරති.

එසේම, පැහැදිලි කිරීමක් ලබාදෙමින් ළහිරු සමාංග මහතා පවසුවේ

“අපි කිසිම මධ්‍යස්ථානයක ලූනු ගෙඩි වට මැනීමක් කරන්නේ නැහැ. ප්‍රමිතියේ සඳහන් වෙලා තියෙන්නේ ‘විෂ්කම්භය’ පමණයි. ක්ෂේත්‍රයේදී නිලධාරීන් ඇස් මට්ටමින් පරීක්ෂා කරන අතර, ලූනු ප්‍රමාණය හේතුවෙන් කිසිදු ප්‍රතික්ෂේපයක් සිදු වී නැහැ”  

මුල් මාස අටට ළූණු ටොන් 217883ක් ගෙනල්ලා

මුල් මාස අටට ළූණු ටොන් 217883ක් ගෙනල්ලා

රාජ්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව 24.8%කින් ඉහළට

රාජ්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව 24.8%කින් ඉහළට