ටැන්සානියාවේ මහ මැතිවරණයෙන් පසුව ඇති වූ ඛේදවාචක - සිය ගණනක් මිය යයි

Report

විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ, මැතිවරණයෙන් දින තුනකට පසු විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙන බවයි.

එරට රජය අන්තර්ජාලය සම්පූර්ණයෙන් අවහිර කිරීමට පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

නොසන්සුන්තා මැඩපැවැත්වීම සඳහා ඇඳිරි නීතිය (curfew) පනවා ඇති අතර, බොහෝ තරුණ විරෝධතාකරුවන් මැතිවරණය අසාධාරණ බවට ප්‍රකාශ කරමින් විරෝධතා පවත්වාගෙන යන බව වාර්තා වේ.

ඔවුන් චෝදනා කරන්නේ, ප්‍රධාන විපක්ෂ නායකයින් මර්දනය කිරීමෙන් රජය ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ්ඩ කරන බවයි.

බ්‍රිතාන්‍ය, කැනඩාව සහ නෝර්වේ විදේශ අමාත්‍යවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර බලධාරීන්ගෙන් උපරිම සංයමයකින් ක්‍රියා කිරීමට සහ ප්‍රකාශනයේ නිදහසට ගරු කිරීමට ඉල්ලා ඇත.