මරණ බයෙන් මන්ත්‍රීලා විලාප වේ - විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න..
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (31) කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී ඇති අතර, විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම අවස්ථාවේදී, ආරක්ෂාව සම්බන්ධ සියලුම ඉල්ලීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බව කථානායකවරයා සඳහන් කළේය.
ඉතා වැදගත් කරුණු ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීරණ තිබුණද, එම ඉල්ලීම් ඉටු කිරීමට තවත් කටයුතු සිදුකර ඇති අතර, සමහර මන්ත්‍රීවරුන්ට මේ වන විට ආරක්ෂාව ලබාදීමේ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ.
එසේම, අද දිනයේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස කථානායකවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
මෙම අවස්ථාවේදී පොලිස්පතිවරයා, ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාද දැනුවත් කරනු ඇති බව පවසමින්, විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දේශපාලන කටයුතු ආරක්ෂිත පරිසරයක් තුළ, බාධාවකින් තොරව පැවැත්විය හැකි පරිදි ආරක්ෂාව ලබාදීමට සහ තර්ජන පිළිබඳ තක්සේරු වාර්තාවක් සකස් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පැවසීය.