බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට තවත් වගකීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ මෙම පත්වීම සිදුකර ඇති අතර, ඔහුගේ ගෝලීය ආයෝජන අත්දැකීම් සහ පෞද්ගලික අංශ සංවර්ධනයට දැක්වූ දායකත්වය සැලකිල්ලට ගෙන රජයේ ආර්ථික පුනර්ජීවනයට සහාය වීමට ඔහුට හැකියාව ඇති බවට විශ්වාසයෙන් මෙය සිදුකර තිබේ.
ජාත්‍යන්තර ආයෝජකයන් සමඟ ඉහළ මට්ටමේ සංවාද, ආයෝජක විශ්වාසය ශක්තිමත් කිරීම, විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය, ප්‍රමුඛ ආයෝජන අවස්ථා හඳුනාගෙන වර්ධනය කිරීම සඳහා BOI, EDB, වරාය නගර කොමිසම සහ අදාළ අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය ඔහුගේ ප්‍රධාන වගකීම් වේ.
තිරසාර විදේශ ආයෝජන සඳහා හිතකර පරිසරයක් ගොඩනැගීම, ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීම සහ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම මෙම පත්වීමෙන් අපේක්ෂා කෙරේ.
ආණ්ඩුකාර ධුරයට අමතරව ගෞරව ධුරයක් ලෙස මෙම කාර්යය භාරගනු ඇත.