පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙක් ගිනි අවි ඉල්ලලා
තම ආරක්ෂාව වෙනුවෙන් ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉල්ලීම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සදහන් කර තිබේ.
එම අදාළ මන්ත්‍රීවරුන් එම ඉල්ලීම පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලට යොමුකර තිබේ.
ඒවගේම මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගියදා පැවැත්විණි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කථානායකවරයා මෙන්ම පොලිස්පතිවරයාද එකඟතාව පල කළේය.
නමුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීමට තීරණය කර නොමැති බව වාර්තා වේ.
කෙසේවෙතත් මන්ත්‍රීවරුන්ට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයකින් පසු ගිනි අවි ලබා දීමට තීරණය කර තිබේ.