මේ පනත සංශෝධනය කරන්න යයි
සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීමට ශ්‍රී ලංකාවේ සංචාරක පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට දිගු කාලීන සැලැස්මක්, ඉලක්කයක් මෙම රජයට ඇති බවයි.
තවද සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට සියලු ආයතන ඒකාබද්ධ ව්‍යුහයක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ජාතික සංචාරක කොමිසමක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් එහිදී ඔහු සඳහන් කළා.
අඳාළ ජාතික සංචාරක කොමිසම ඔස්සේ දිස්ත්‍රික් මට්ටමින් හා සංචාරක කලාප මට්ටමින් ඒකාබද්ධ සංචාරක කමිටු ගොඩ නැගීමට සැලසුම් කරන අතර ඊට ඉලක්ක කරගත් නව නීතියක් ගෙන එන බව ද අමාත්‍යවරයා පවසයි.
එසේම ඔහු වැඩිදුරටත් මේ සඳහා දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීම නිසා මෙසේ සංචාරක පනත සංශෝධනය කරන අතර ඒ සඳහා විශේෂඥයින් කණ්ඩායමකට භාර දී ඇති බව ද කියා සිටියා.
ඒ අනුව 2025 ජනවාරි පළමුවැනිදා සිට ඔක්තෝබර් 29 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා තිබෙනවා.
එසේම ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 153,063ක් වේ. එසේම ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමඟ ගුවන් මගීන් 378 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් ඊයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වී ඇත.
මේ අතර පෝලන්තයේ ''එන්ටර් එයාර්'' ගුවන් සේවයේ යානා 2ක් ඊයේ දින මෙරටට පැමිණියේ එරට ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිටයි.
කෙසේ වෙතත් ගුවන්තොටුපොළ වාර්තා දැක්වූයේ මෙම ගුවන් යානා දෙකෙන් ගුවන් මගීන් 378 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි බවයි.