ලංකාවේ ගුරුවරුන්ට ඉන්දියාවෙන් අවශ්‍ය පුහුණුව

Report

ඉන්දියාව ශ්‍රී ලංකා ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට කටයුතු කරමින් සිටින බවත්, නිර්මාණශීලී ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ විශේෂ අවස්ථා නිර්මාණය කෙරෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

ඉන්දීය රජයේ සහයෝගයෙන් පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ ඉදිකළ බහුවාර්ගික ත්‍රෛභාෂා පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

උසස් පෙළ ලියන සිසුන්ට හා ගුරුවරුන්ට අති විශේෂ නිවේදනයක්

උසස් පෙළ ලියන සිසුන්ට හා ගුරුවරුන්ට අති විශේෂ නිවේදනයක්

“අපේ රට විවිධ ආගම්, භාෂා සහ ජනවර්ගවලට අයත් අය එකමුතුව ජීවත් වන රටකි. ඉතිහාසයේ පළමු වතාවට විවිධත්වය ආරක්ෂා කරමින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික ඉලක්කයකට පොදු සංස්කෘතික ගමනක් යාමට හැකිවීම සතුටක්”

යැයි ඇය කීවාය. 

ත්‍රෛභාෂා සංකල්පය යටතේ මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම ඓතිහාසික බවත්, එහි උපරිම ප්‍රයෝජන ලබාගැනීමට සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති බවත් ඇය සඳහන් කළාය. මෙමඟින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට අධ්‍යාපනික හා වෘත්තීය අවස්ථා ලැබෙන බව ද ඇය පැවසුවාය.

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මම අහවලාගේ නංගි කියලා පොලීසියට පාට් දාපු කාන්තාව ගැන පොලීසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනය ලබාදීම ප්‍රධාන අරමුණ බවත්, විෂය මාලාව අලුත් කිරීම සමඟ නව පරිවර්තනීය මගක් නිර්මාණය කෙරෙන බවත් ඇය කීවාය. ආරක්ෂිත පරිසරයකින් අනාගත වැඩ ලෝකයට සුදුසු පුරවැසියන් බිහිකිරීම ඒ අරමුණ බව ද සඳහන් කළාය.

තාක්ෂණික ලෝකයට සූදානම් දරුවන් බිහිකිරීමට ඩිජිටල් අධ්‍යාපනයට යටිතල පහසුකම් සැපයෙන බවත්, ඉන්දියාව සමඟ එක්ව අධ්‍යාපන නිලධාරීන් පුහුණු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඇය පැවසුවාය.

මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා, නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, මන්ත්‍රීවරුන් වන රත්නසිරි බණ්ඩාර, සුනිල් රත්නසිරි, අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්

රු. කෝටි 1590ක් පාඩුවූ නඩුවට - ජනපති අනුරට උසාවි යන්න වෙලා..

රු. කෝටි 1590ක් පාඩුවූ නඩුවට - ජනපති අනුරට උසාවි යන්න වෙලා..

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?

කෙහෙල්බද්දර රන්ජන්ට ඊයේ ගයත්‍රී ඩයස් හමුවුණාලු - ඒ පාර මේ මොකද?