චීන ජාතිකයෙක් ඕන්නැති සෙල්ලමක් දාන්න ගිහින් පොලිස් දැලේ

Report

මෙරටට පැමිණි චීන ජාතිකයන්ට රාත්‍රී සමාජ ශාලා සහ කැසිනෝවලදී අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක් අධිකාරීන්ගේ අවධානයට පැමිණ තිබේ.

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

එම ජාවාරමේ ප්‍රධාන සැකකරු කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ, සැකකරු දිගු කාලයක් තිස්සේ නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයෙකු බවයි. ඔහු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය 50 ග්‍රෑම්කට වැඩි ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමේදී සොයාගෙන ඇත.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

මෙම අත්අඩංගුව, චීන ජාතිකයන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ආරම්භ කළ විමර්ශනයකදී සිදු කරනු ලැබිණි.

පරීක්ෂණවලදී සැකකරු පවසා ඇත්තේ, තමන් මත්ද්‍රව්‍ය ලබා ගන්නේ මාලදිවයින් ජාතිකයෙකුගෙන් සහ ශ්‍රී ලාංකිකයෙකුගෙන් බවත්, ඒවා චීන පුරවැසියන්ට අලෙවි කරන බවත්ය.

2019දී මෙරටට පැමිණි මෙම චීන ජාතිකයා මේ දක්වා නීතිවිරෝධීව රැඳී සිටි බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර අත්අඩංගුවේ තබාගෙන පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතය.