ඉරාන යුද්ධය මැද චීන ආර්ථිකයේ වර්ධනයක්

Report

2026 වසරේ පළමු කාර්තුවේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 5%කින් වර්ධනය වී තිබේ. ඉරාන යුද්ධයෙන් ඇති වූ බලශක්ති අර්බුදයන් මඟහරවා ගනිමින් චීන ආර්ථිකය මෙලෙස අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වර්ධනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර කාර්තුවේ දී චීනයේ දළ ජාතික නිෂ්පාදනය 4.5%ක් ලෙස දැක්වුණි.

ඇමරිකාවේ බදු මුදල් මත යැපෙන්න එපා - වීසා අවලංගු වෙන්න පුළුවන්

ඇමරිකාවේ බදු මුදල් මත යැපෙන්න එපා - වීසා අවලංගු වෙන්න පුළුවන්

ආර්ථික විශේෂඥයින් එම වර්ධනය මේ වසරේ දී 4.7%ක් දක්වා වර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කළ අතර, එය 5%ක් දක්වා වර්ධනය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, චීනයේ අපනයන ශක්තිමත්ව පැවතීම බවද එරට වාර්තා පෙන්වා දෙයි.

ඉරාන හා අමෙරිකානු යුද්ධය හමුවේ ඉන්ධන, රසායනික ද්‍රව්‍ය සහ ලෝහ වැනි භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති අතර, එය GDP අගයන්ටද බලපා ඇති බවද වාර්තා වේ. කෙසේවෙතත් සමස්තයක් ලෙස ලෝක වෙළෙඳපොළ් බලපෑම් හමුවේ චීන ආර්ථිකය අපේක්ෂිත තත්ත්වයට වඩා වර්ධනයක් පෙන්වා තිබේ.

අද සිට මේ කාර්යාලවල සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ

අද සිට මේ කාර්යාලවල සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ