චීනයෙන් විශාල පිම්මක් - ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භයි
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඒ අනුව, දීර්ඝ කාලීන අභ්‍යවකාශ සංචාරවලදී මිනිස් සිරුරේ සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යවකාශගාමීන් තුන්දෙනෙකු ෂෙන්ෂෝ-23 යානයෙන් අද සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත් කර හැරීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ.
චීන අභ්‍යවකාශ ඉතිහාසයේ විද්‍යාඥයින් පිරිසක් අඛණ්ඩව වසරක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.