දලයි ලාමාගේ තේරීම චීනයේ අභ්‍යන්තර වැඩක් - ඉන්දියාවට චීනයෙන් රතු නිවේදනයක්
දලයි ලාමාවන්ගේ (Dalai Lama) නැවත ඉපදීම සහ අනාගත අනුප්‍රාප්තිය සම්බන්ධ කරුණු චීනයේ අභ්‍යන්තර කටයුතු ලෙස සැලකිය යුතු බව චීනය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
චීන විදේශ කටයුතු ප්‍රකාශිකා යූ ජිං (Yu Jing) සමාජ මාධ්‍ය සටහනක් මඟින් සඳහන් කර ඇත්තේ, තලෙයි ලාමාවන්ගේ නැවත ඉපදීම ශතවර්ෂ ගණනාවක් පැරණි ආගමික සම්ප්‍රදායන් හා මධ්‍ය චීන රජයේ අනුමැතිය සමඟ සම්බන්ධ ක්‍රියාවලියක් බවයි.
එම ප්‍රකාශයේදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවලිය පිළිගත් ඓතිහාසික හා ආගමික ක්‍රමවේදයන්ට අනුකූලව සිදුවිය යුතු බවත්, එය චීනයේ අභ්‍යන්තර විෂයයක් බවත්ය.
එමෙන්ම “දලයි ලාමාවන්ගේ නැවත ඉපදීම” සම්බන්ධ තීරණ ගැනීමට කිසිදු බාහිර සංවිධානයකට හෝ රටකට නීතිමය අයිතියක් නොමැති බවද චීන පාර්ශවය පෙන්වා දී ඇත.
මේ අතර, ඉන්දියාව මෙම සංවේදී විෂය සම්බන්ධයෙන් ප්‍රවේශම්කාරී ස්ථාවරයක් පවත්වාගෙන යන බවද එම ප්‍රකාශවල සඳහන් වේ.
පසුගිය වසරේදී 14 වැනි තලෙයි ලාමාවන් වන Tenzin Gyatso (14th Dalai Lama) සිය අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, තම අනුප්‍රාප්තිකයා සම්බන්ධ තීරණාත්මක බලය පවතින්නේ තම ආගමික පදනම් ආයතනයකට බවද සඳහන් කර තිබේ.