චීනයෙන් අමෙරිකාවට රතු එළියක්...ලංකාවටත් ප්‍රශ්ණයක් වෙයි?..

St Patrick's Day American Express China Thailand
By Aruna Sep 03, 2022 11:03 PM GMT
Aruna

Aruna

Report

අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක වටිනාකමකින් යුත් අවි ආයුධ තොගයක් තායිවානයට අලෙවි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.

අදාළ අවි ආයුධ තොගය අතර නෞකා නාශක මිසයිල සහ ගුවන් මිසයිල ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අවි ගනුදෙණුව සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති ජෝ බයිඩ්න් විසින්.

කෙසේවෙතත් අදාළ යෝජනාව යළි හැරවීමට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට අවස්ථාව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් අමෙරිකානු නීති සම්පාදකයින් තායිවානයට සහය දක්වන බැවින් අදාල යොජනාවට කොංග්‍රස් මණ්ඩලය ද අනුමැතිය දෙනු ඇතැයි විචාරකයන් පවසනවා.

කෙසේවෙතත් අමෙරිකාව මෙලෙස තායිවානය සමඟ අවි ගනුදෙණුවකට සූදානම් වන්නේ දෙරටේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චීනය දැඩිව කෝපයට පත්ව සිටින පසුබිමක් තුළයි.

තායිවානයට අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 1 ක අවි සැපයීම සම්බන්ධයෙන් අමෙරිකාව ගත් තීරණයට ද චීනය මේ වන විටත් දැඩි විරෝධය පළ කර තිබෙනවා.

චීනය පවසන්නේ සුදුසු පරිදි ඊට ප්‍රතිචාර දක්වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

Join now