ශිෂ්‍යත්ව ප්‍රථිඵල එන්න කලින් මෙලොවින් සමුගත් දරුවා ලකුණු 159යි. - පාසලෙන්ම ශිෂ්‍යත්ව සමත් එකම දරුවා.

Grade 05 Scholarship examination Death School Children
By Wayomi Jan 26, 2025 08:45 AM GMT
Wayomi

Wayomi

Report

මෙවර පැවැත්වුන පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිට ප්‍රථිපල ලැබිමට පෙර මීට මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස මියගිය දරුවෙක් ලකුණු 159 ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වූ පුවතක් වාර්තා වුණා.

බලංගොඩ වලේබොඩ, වතුකාරකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් සදරුවන් නැමැති මෙම දරුවා බලංගොඩ වලේබොඩ තෝරවෙලකන්ද විදුහලේ ඉගෙන ලැබු අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් එම පාසලේ සමත් වීඇති එකම දරුවාද මෙම දරුවා වීම විශේෂත්වයකි.

ගේන වාහන චුට්ටක් මිල වැඩිවෙයි. මං යන්නේ වාහන 3ක විතරයි. - ජනපති අනුර.

ගේන වාහන චුට්ටක් මිල වැඩිවෙයි. මං යන්නේ වාහන 3ක විතරයි. - ජනපති අනුර.

මෙම අනුවෙිදනීය සිද්ධිය සම්බන්ධයෙන් මව වන කේ.ඩි. කුසුමා පොඩිමැණිකේ මහත්මිය හැඩු කඳුලින් මෙසේ පැවැසුවා.

"මගේ දරුවා මේ පාර ශිෂ්‍යත්ව විභාගය ලියලා ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටියා. එයා බලංගොඩ තෝරවෙලකන්ද විදුහලේ තමයි ඉගනගත්තේ. ශිෂ්‍යත්ව විභාගය ලියලා ඇවිත් අපි එක්ක කිිවා මට ලකුණු එකසිය හැටකට ආසන්න ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා.

ඒ්ත් ප්‍රතිපල එන්න මාස එකහමාරකට කලින් එයාට එකපාරටම ඇති වුන රෝගයක් හේතුවෙන් එයා අපිව දාල යන්න ගියා. අද ප්‍රතිපල බලන කොට එයට ලකුණු 159 ක් ලැබිලා තියෙනවා. පාසලෙන් මගේ දරුවා විතරයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ ප්‍රතිපලය ගැන සතුට වෙන්න බෑ."

සිංහරාජයෙන් හමු වූ වසර 13,000ක් පැරණි ටයිල් කළ ගල්ලෙනක්. - (PHOTO)

සිංහරාජයෙන් හමු වූ වසර 13,000ක් පැරණි ටයිල් කළ ගල්ලෙනක්. - (PHOTO)


You May Like This Video

  

ReeCha