මේ දරුවන් ගැන අනාවරණයක්
පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය සිදුකළ සමීක්ෂණයකදී ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය අඩුවී ඇති බව හෙළිව තිබෙනවා.
ඒ අනුව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය සඳහා මේ වසරේ ජුනි මාසය දක්වා කාලය තුළ අඳාළ සමීක්ෂණය සිදුකර ඉහත කී ළමුන්ගෙන් වයස අවුරුදු පහට අඩු ළමුන් එකොළොස් ලක්ෂ හැත්තෑ තුන්දහස් දෙසිය තිස් හත්දෙනකුගේ (1173237) වර්ධනය තක්සේරු කර ඇති බව වාර්තා වේ.
එසේම අඳාළ සමීක්ෂණය සිදුකර ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ඨාස හයදහස් නවසිය දහඅටක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුන්සිය පනස් හයක වයස අවුරුදු පහට අඩු ළමුන් 1,208,769 ලියාපදිංචි කරමින්.
එහිදී වයස අවුරුදු පහට අඩු ළමුන් නවදහස් පන්සිය හතළිස් දෙදෙනකු (9542) උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බව හෙළි වී තිබෙනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව අඩු වී තිබෙන අතර ප්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට හතයි දශම හතක් වේ (7.7%).
එමෙන්ම පසුගිය වසරේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළුණු ළමුන්ගේ සංඛ්‍යාව 10,323 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට අටයි දශම හතක් ලෙස සඳහන්.
මේ අතර පුත්තලම, මුලතිව්, වවුනියාව, යාපනය යන දිස්ත්‍රික්කවල සිටින දරුවන් මෙසේ උග්‍ර මන්දපෝෂණයෙන් වැඩි වශයෙන් පෙළෙනා බවට වාර්තා වේ.
එයින්ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් ළමුන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන අතර, එය ප්‍රතිශතයක් වශයෙන් අටයි දශම හතක් (8.7%) ලෙසයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        