දරුවෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට දෙදෙනෙක් අත්අඩංගුවට
By Kanchana
දරුවෙකුට ලිංගික අතවර කිරීමට තැත් කිරීමක් පිළිබඳ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් අනුව අදාළ සැකකරුවන් දෙදෙනා හලාවත පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදි.
හලාවත පොලිස් වසමේ කාක්කපල්ලිය හංදිය ප්‍රදේශයේ පිහිටි කොන්ඩය කපන ස්ථානයකට පැමිණි පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමට තැත් කිරීමක් පිළිබද ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබේ .
ඒ අනුව විමර්ශන සිදුකළ එම කාර්යාංශය පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී මෙය සිදුව ඇති බව අනාවරණය කර ගන්නා ලදි .
ඉන්පසු වහා ක්‍රියාත්මක වු පොලීසිය වයස අවුරුදු 54ක් හා 58ක් වන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.