කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය - කසළ බදුනෙනුත් සාක්ෂි මතු වෙලා.. අධිකරණයට සේවය කරනවා කියලා ගහපු සුපිරි ප්ලෑන් එක.. තොරතුරු රැසක් එළියට..

CID - Sri Lanka Police Sri Lanka
By krishani Oct 14, 2023 11:58 PM GMT
krishani

krishani

Report

පෙරේදා (13) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ දී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණින.

ඒ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරමින් ආගමන විගමන පාලකයවරයාට අත්තනෝමතික ලෙස ලිපියක් යොමු කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කිරීම හේතුවෙන් ය.

ඇයව ඊයේ (14) අලුත්කඩේ අංක 7 මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ජීවිතාරක්ෂණ සමාගමකින් රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් ව්‍යාජ ලේඛන සකසා වංචා කිරීම හේතුවෙන් වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පුද්ගලයාට එල්ල වූ චෝදනා 8න් 7කට වරදකරු කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා සිරදඬුවම් පණවණු ලැබීය.

ඒ පසුගියේ පෙබරවාරී මස 15වනදා ය.

ඒ බව සැකකාරියව ඊයේ අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ ය. 

එදිනම අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් යොමු කරමින් අදාළ සැකකරු ඇප ලබාගෙන ද තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට එම නඩු ගොනුව මහාධිකරණය වෙත යැවීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ලේඛන භාර නිලධාරිණිය එය සෙවූව ද හමු වී නොමැත.

පසුව ඇය විසින් එය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට දන්වා තිබෙනවා.

නමුත් එය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය මගහැර සිට ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ ය.

එවන් පසුබිමක පසුගිය 12 වන දා සැකකාර රෙජිස්ට්‍රාර්වරිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ යතුරු ලියන තැනැත්තියට පවසා ඇත්තේ විදෙස්ගමන් තහනමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ආකෘති පත්‍රයක් නඩු අංකයක් ද සමගින් ලබා දී එය ටයිප් කර දෙන මෙන් ය.

නමුත් ඒ පිළිබඳව යතුරුලියන තැනැත්තියට සැක සිතී ඇති අතර එය ඇය ලේඛනභාර නිලධාරිණියට පවසා තිබෙනවා.

එහිදී අදළ ලේඛනයේ ඇති නඩු අංකය හා අස්ථානගත වී ඇති නඩු අංකය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී අදාළ අංක දෙකම එකක් බව තහවුරු වී ඇත.

ඒ බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණය හමුවේ පැවසීය.

ඒ අතුරතුර ආගමන විගමන පාලකවරයා වෙත සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ෆැක්ස් පණිවිඩයක් යවා අදාළ සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉවත්කළ බව පවසා තිබෙනවා.

ඒ ගැන වූ කොළ කැබලි කිහිපයක් සැකකාරියගේ කසළ බඳුනෙහි තිබී හමු වූ ඇත.

එයින් අණාවරනය වූයේ පෙරේදා දිනයේ දී නඩුව කැඳවා අදාළ සැකකරුට විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට සඳහන් කරමින් සැකකාරිය විසින් ආගමන විගමන පාලකවරයාට අත්තනෝමතික ලෙස දැනුම්දී ඇති බවයි.

එය ගැන අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් පසුව විමර්ශනයක් සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

තවද අස්ථානගත වූ නඩු පොත තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.

නමුත් සැකකාරියට වසර 25ක සේවා කාලය තුළ කිසිඳු චෝදනාවක් එල්ල වී නොමැති බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ ය.

මේ අතර අතුරුදන් නඩු ගොනුව සැකකාරිය සතුව නොමැති නම් ඇයට විදෙස්ගමන් තහනම ඉවත්කිරීමට අදාළ කරුණු ලබාගැනීමට හැකියාවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ ය.

දුරකතන දත්ත පරීක්ෂා කිරීමේ දී  සැකකාර රෙජිස්ට්‍රාර්වරිය විසින් සැකකරු සමග අවස්ථා ගණනාවකදීම දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වී ඇත.

ඒ අනුව ඔහුට විනාඩි 20ක පමණ දුරකතන ඇමතුමක් එක් අවස්ථාවක දී ඇය ලබාගෙන තිබෙනවා.

එමෙන්ම, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ දී සඳහන් කළේ ය.

ReeCha