උපතේ ප්‍රශ්නයක් නිසා රටක්ම ප්‍රතික්ෂේප කල ඇය...ලොවම පුදුම කරමින් දැන් ඉන්න තැන..(PHOTOS)

By Sewvandhi Nov 21, 2024 04:09 PM GMT
Report

ඇයට මතු වුණේ ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්.ඒත් ඇය කිරුළක් දරන හීනයකට එය බාධාවක් කරගෙන නැහැ. මේ කියන්නේ ඇගේ කතාවයි.දකුණු අප්‍රිකාවේදී තමාට අහිමි වුණු රූ රැජින කිරුළ නයිජීරියාවේදී දිනාගන්න ඇය සමත් වුණා..

Chidimma Adetshina, පසුගියදා නිමාවට පත්වුණු විශ්ව රූ රැජින තරගයේ දෙවන තැන හිමිකරගැනීමත් සමඟම ඇගේ ඒ හීනය සැබෑ කරගත්තා.

නයිජීරියානු පියෙකුට සහ දකුණු අප්‍රිකානු මවකට දාව උපත ලද තරුණියක් වන ඇයට විවිධ හේතු හමුවේ සිය රූ රැජින සිහිනය සැබෑ කරගන්න දකුණු අප්‍රිකාවේදී ඉඩකඩක් ලැබුණේ නැහැ.

එහෙත් ඇයට නයිජීරියානු තරගයට සහභාගී වීමට ආරාධනා ලැබුණා.ඒ ලද අවස්ථාවෙන් පසු ඇයට මෙලෙස විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව හිමිව තිබුණා.

GalleryGallery