චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

Sri Lanka Politician Sinhala news Breaking News NPP Government Colombo politics heat up
By Kaushi Aug 13, 2025 10:29 AM GMT
Kaushi

Kaushi

Report

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න දඩයම් කිරීමට විරුද්ධ වු විමර්ශන නිලධාරින් ඉවත් කර ඒ වෙනුවෙන් හිතවත් නිලධාරීන් පත්කර ඇති බවට නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර චෝදනා කරන බව වාර්තා වේ.

ඔහු මේ බව පවසා ඇත්තේ අද (13) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු පැවසුවේ රණවිරු බුද්ධි අංශ පාවා දී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරන බවයි.

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

හෙට මේ පැති වලට පැය 10කට වතුර කපනවා - දැන්ම වතුර පුරවලා තියාගන්න

එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

“මේ සමස්ත ක්‍රියාදාමය දැන් ක්‍රියාත්මක කරන්නේ ප්‍රබන්ධන ශුරි ශානි අබේසේකර. ශානි අබේසේකර යහපාලන සමයේ නවත්තපු තැනින් රණවිරු දඩයම පටන් ගන්න අවශ්‍ය උපරිම සහයෝගය විශ්‍රාමික රවී සෙනවිරත්නගෙනුත් විශ්‍රාමික DIG අම්පාවිලගෙනුත් ලැබෙනවා. ශානිට අවශ්‍ය චරිත සහතිකය කතෝලික සභාවෙන්ම ලැබිලා තියෙන්නේ. ඒ හින්දා තමයි 2010. 07 .25 දින අලව්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කෑගල්ලේ ශාන්ත සමරවීර 2010.07.26 පාන්දර අලව්ව රෝහලේ දී පොලිස් රෝහලෙන් පැනගිය ශාන්ත සමරවීරගේ සිද්ධියට අදාලව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 යටතේ නිශාන්ත උළුගෙතැන්නට නඩු පවරන්න හදනවා. හැබැයි අපිට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේ කාරණා ගැන ප්‍රමාණාත්මක පරීක්ෂණයකින් තොරව ප්‍රබන්ධනාත්මකව තමයි උළුගෙතැන්නව දඩයම් කරන්නේ. ඒ වගේම කැප්ටන් සුමිත් රණසිංහටත් මේ කාරණයටම නඩු පවරනවා. ඔහුත් අතිදක්ෂ බුද්ධි අංශ නිළධාරියෙක්. ඔහු කුරිරු යුද්ධය අවසන් කරන්න තීරණාත්මක වැඩ කොටසක් කළ නිලධාරියෙක්. 2008 ජුනි මස 29 ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ප්‍රවාහනයට සැලසුම් කර තිබුනා අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1008 ක් අඩංගු ලොරියක්. මෙය තමයි මේ තිස් අවුරුදු යුද්ධයේ දී ලංකාවේ හොයාගත්ත ලොකුම බෝම්බ ලොරිය. යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී මේ ලොරිය කොල්ලුපිටිය ජනාධිපති ලේකම් කාර්යාලයත් අතර පුපුරවා හරින්න තමයි සැලසුම් කර තිබුණේ. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ දේශපාලන නායකයින් සහ සරත් ෆෝන්සේකා ඇතුලු සියලු ආරක්ෂක ප්‍රධානීන් එකවර ඝාතනය කරන්න තමයි මේ ලොරියේ සැලැස්ම වෙලා තිබුනේ.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්

ඔබ හිතන්න කිලෝ ග්‍රැම් 20 බෝම්බයකින් කටුවාපිටියට එතරම් විනාශයක් උනානම් කිලෝ ග්‍රෑම් 1008 ක ප්‍රමාණයකින් කොළඹ ,කොල්ලුපිටියට ආසන්නයේ පිපුරුනානම් අපේ ඉතිහාස කතාව සම්පුර්ණ වෙනස් වෙනවා. එහෙනම් ප්‍රභාකරන් අදටත් ජීවත් වෙන්න ඉඩ තිබුනා. රටටම මළ ගෙයක් වෙනවා. මේ මහා දැවැන්ත ව්‍යසනය නැවැත්තුවේ කැප්ටන් සුමිත් රණසිංහගේ නායකත්වයෙන් යුත් බුද්ධි කණ්ඩායම. එම කණ්ඩායමේ හිටපු කෝසල කුමාරත්, ජනක කුමාරත්, සුමිත් රණසිංහවත් මේ ප්‍රබන්ධයටම අත්අඩංගුවට අරගෙන ඇප දෙනවා. අද ඔවුන්ගේ වැඩ තහනම් වෙලා. මේ ප්‍රබන්ධවලට 296 යටතේ නඩු පවරන්න බෑ කියපු අවංක පොලිස් නිළධාරි වෙච්ච IP සුගත් කුමාර උදහසට ලක්වෙනවා. සුගත් කුමාර මහතා වහාම මේ පරීක්ෂණවලින් අයින් කරලා මේ පාවාදීමට එකග වු ඉලංගසිංහව පත් කරනවා. ඉලංගසිංහ කියන්නේ මේ සමස්ත බුද්ධි නිලධාරි දඩයමේ ගෝඩ් ෆාදර් වෙච්ච නිශාන්ත කන්දප්පාගේ සුවච කීකරු ගෝලයා. ඒ වගේම අපිට තොරතුරු ලැබිලා තියෙනවා ශානි අබේසේකර ධුරය බාරගත් විගස මේ නිශාන්ත කන්දප්පාගේ කණ්ඩායමේ හිටපු සාජන් නාමල් හා සාජන් රාජපක්ෂ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බදවා ගෙන ඔහුට නාවික හමුදාපතිතුමා ප්‍රමුඛ මේ කණ්ඩායමට එරෙහි පරීක්ෂණ භාර දෙනවා.

හෙට මුළු විපක්ෂයම එකතුවන විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්ම

හෙට මුළු විපක්ෂයම එකතුවන විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්ම

මේ නිශාන්ත උලුගෙ තැන්න සුමිත් රණසිංහ ඇතුළු කණ්ඩායමට දඩුවම් කිරීමෙන් වැඩියෙන් සතුටු වෙන්නේ ඩයස්පෝරාවයි. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ පරීක්ෂණ කණ්ඩායමට නිශාන්ත කන්දප්පා පොරොන්දු වෙලා තියෙන්නේ ඔවුන්ට මේ මෙහෙයුමෙන් පස්සේ ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබා ගන්න අවශ්‍ය පහසුකම් හදලා දෙනවා කියලා. අද පොලිසියට අපි ඕනම කෙනෙක් ප්‍රකාශයක් ලබා දුන්නම අවසානයට කියනවා කියවලා බලලා තේරුම් අරගෙන අත්සන් කළේ කියලා. හැබැයි අද මේ සූරපප්පා කණ්ඩායම යුද්ධය අවසන් කරන්න උදව් කරපු TMVP සාමාජිකයින් බය කරලා ත්‍රිවිධ හමුදා නිළධාරින්ට විරුද්ධව ප්‍රකාශ ලබා දෙන තැනට පොළඹවනවා. සෙල්ලතම්බි මහේන්ද්‍රන් නොහොත් භාරතීගෙන් එහෙම ලබාගත් සිංහල ප්‍රකාශය ඔහු දමිල භාෂාවෙන් අත්සන් කිරීම නිසා අධිකරණයට ඇති සැකය නොවන්නේ නම් අද හිටපු නාවික හමුදාපතිවරු 04 ,05 ක් ඉන්නේ අත්අඩංගුවේ. මේ කරන පාදඩ වැඩේ නිසා චීචීගේ රොකට්ටුව විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින් ,උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ හිස මතට කඩන් වැටෙන්න තව වෙසක් පෝය දෙකක් වත් යන්නේ නෑ කියලා අපි කියන්න කැමතියි.” යනුවෙන්.

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?